• ආහ්හ්! හයොන්ග් රිදෙනවා!! •

76 13 0
                                    

*Jhopeeeee!!!

වේදිකාව උඩ කැපිච්ච් පණුවෙක් වගෙ නටන හොබි දිහා බලන් ආර්මිලා පිස්සු හැදිලා වගෙ කෑ ගහද්දි හොබි එයාගෙ සන්ශයින් හිනාව ආර්මිලාට තෑගි කලා. වාව්!!

*ජන්ග්කුක් ශර්ට් එක උස්සන්නකො
*ජන්ග්කුක් ආයෙ කරන්න.!!

ආර්'මිලා ජන්ග්කුක්ගෙ ඇබිස් පෙන්න ශර්ට් එක උස්සන් ඉන්න පොටො වලට ' do it again ' වගෙ දේවල් ලියලා උස්සන් හිටියෙ සාමාජිකයො වගෙම ජන්ග්කුක් මේ දිහා බලලා හිනාවෙද්දි..

මේවා දකිද්දි ආයෙ ආයෙ කරන්න ජන්ග්කුක්ට තද බල ඔවමනාවක් ඇති වුනා. එයා පොඩ්ඩක් ජිනි ඉන්න දිහාවට රබර් අයි එක දාලා බැලුවා.

" කරන්නකො ජන්ග්කුක් ඉතින් "

මයික් එක ලං කරලා නම්ජූන් හිනාවෙන ගමන් කිව්වත් මයික් එක ඈත් කරලා ජන්ග්කුක්ගෙ කනට ලං කරලා මිමිණුවෙ ' හිතන්නවත් එපා පොඩි එකො ' කියලා. ඒත් අපි කොහොමත් දන්නවා ජන්ග්කුක් කියන්නෙ පොඩ්ඩක් වත් කියන දේ අහන්නැති ' එප ' කියන එක කරන අසහනකාරි එකෙක් කියලා.

නම්ජුන් හිතුවා වගෙම ජන්ග්කුක් ශර්ට් එක ඉස්සුවා. ආර්මිලා පිස්සු හැදිලා වගෙ කෑ ගහන්න ගත්තා. ඔහ් මයි ගෝශ්!! දිස් මෑන්!!! මොඩයෙක් වගෙ හිනා වුන ජෝනා ශර්ට් එක ආයෙත් උස්සද්දි ජිමින් වගෙම ජින් අත නලලේ ගහ ගත්තෙ තේහ්යුන් ' ඔහ්හ්හ්හ්! ' ගාලා කෑ ගහද්දි.

" ඔහ්හ් දිස් බීච්!! "

මයික් එකෙන් නැහෙන විදිහට කියන්න තේහ්යුන් වග බලාගත්තා. කොහොමත් තේහ්යුන්ගාත් හිටියෙ ආර්මිලාගෙ පැත්තෙ. එයත් මෙයලා කරන ඒවට පිස්සු හැදිලා වගෙ කෑ ගහනවා..

" මං කිව්වා හයොන්ග්...ඒත්..."

ජින් ගාවට ආව නම්ජූන් එයාගෙ ඇස් දෙක ජින්ගෙන් පරිස්සම් කරන් ලොකු කතාවක් කෙටියෙන් කියද්දි ඇස් හීනි කරන් ජන්ග්කුක් දිහා බලන් ජින් විරිත්තන්න බැරි කමට හිනා වුනා.

" ඒත් ඇහුවේ නැ නෙ. දැන් වත් ගිහින් නවත්තනවා. නැත්තං කලිසමත් ගලවයි!! දිස් ඉටියට්!! "

ජින් මයික් එක ඈත් කරලා නම්ජූන්ට විරිත්ත විරිත්ත කියද්දි ජිමින්ට හිනා ගියෙ ආර්මිලා ' කූ ' සද්දයක් එක්ක ජිමින්ට අවධානය දෙද්දි. පුලුන් බෝලයක් වගෙ ජිමින් හිනා වුනෙ එයාගෙ කලු කොන්ඩෙ එයාට වෙනම ලුක් එකක් දෙද්දි.

Haaru | JIKOOK SINHALA FF 🌙Where stories live. Discover now