"අඩෝ ශාලුවා උඩ ඇත්තෙ අපිත් යමන්.."
යෙහෙන් කියද්දි තේනුක අපිට යන්න එයා එන්නම් කියලා ගියා...තේනුක අපේ ඩිපියුටි හෙඩ්... නවීශ් තේනුක විදානගම...මේ ඒරියා එක ම හොල්ලගෙන ඉන්න පොලිටිකල් ටියුශන් මාස්ටර් විදානගම සර්ගෙ එකම පුතා...තේනුක තනිකර ම අම්මා වගේ....ඌ අහිංසකයි හැබැයි...පාඩුවෙ ඉන්නවා...සල්ලි තිබුණට රඟන්නෑ මාර හිත හොඳ චරිතයක්...

"ඕයි වරෙන් විහස්!"
යෙහෙන් මගෙ කර වටේ අත දාගෙන මාවත් ඇදන් යද්දි කවිනුත් අතේ තිබ්බ කොළේ නවලා සාක්කුවට දාගෙන අපි එක්ක දුවගෙන ආවා...

යෙහෙන් විශ්මිත වික්‍රමනායක... ලංකාවෙ ප්‍රධාන ම නැව් සමාගමක අයිතිකාරයගෙ බාලම පුතා...යෙහෙන්ට අයියා කෙනෙකුයි අක්කා කෙනෙකුයි ඉන්නවා....අක්කා මැරි කරලා ඇමරිකාවල ඉන්නෙ... අයියා බිස්නස් වලට සෙට් වෙලා තාත්තා එක්ක...මූ ඉතින් ආතල් එකේ ඉන්නවා කැමති ඕන බයිලයක් ගහලා... හොයන්න කෙනෙක් නෑනෙ... උන්ගෙ අම්මා හිටියට මූ ගැන හොයන්නෑ...ඒ ආන්ටිට වෙන අෆෙයා එකක් තියෙන නිසා කිය කිය අංකලුත් හැමදාම ඉන්නෙ එයාගෙ සෙකට්‍රිගෙ ගෙදර... යෙහෙන්ට වඩා එකක් බාල දුවෙක් ඉන්නවා බඩ්ඩට ඒ කෙල්ල වික්‍රමනායක අංකල් වගේ...ගානක් නෑ ෆැමිලි පාටිවලට එයත් එනවා යෙහෙනුත් යනවා...හොදම වැඩේ ඒකි යෙහෙන් එක්ක අෆෙයා එකක් තිබිලා බ්‍රේකප් වුණේ මාස තුනකට විතර කලින්...

එතකොට අන්තිමට මම...මම විහස් අක්ෂිත...සමහරු විහස් අක්ෂිත ද සිල්වා කියලත් කියනවා...මම ඒකට කැමති නෑ...මම අම්මගෙ නම පාවිච්චි කරන්න කැමති නෑ...මම මගේ තාත්තව දන්නෙ නෑ...

අම්මා මට කියන්නෙත් නෑ...සමහරවිට එයාටත් මතක නැතුව ඇති....කෙශානි ද සිල්වා...අපේ රටේ ප්‍රසිද්ධ ම නිළියක්...අනිත් අතට කෙටියෙන් ම කිව්වොත් දකින දකින පිරිමියා එක්ක ඇඳට වැටෙන ග#කාවක්...

ඔයාලා හිතනවා ඇති කොල්ලෙක් කොහොමද තමන්ගෙ අම්මට එහෙම කියන්නෙ කියලා...නැහැ...මං පසුතැවෙන්නෙ නෑ එහෙම කිව්ව එකට...ඉපදෙන්න කලින් මරන්නෙ නැතිව ලෝකෙට ගෙනාව එක විතරයි මට අම්මට ආදරේ කරන්න කියලා හේතුවකට තියෙන්නෙ...

ඒත් මම මේ ජීවිතේට වෛර කරන නිසා වෙන්නැති මට ඒ හේතුවටවත් අම්මට ආදරේ හිතෙන්නෙ නෑ...මගෙ ජීවිතේ දෙමව්පියන්ගේ තැන්වල තියෙන්න ලොකු හිස්තැන් දෙකක්...මම දන්නෙ නෑ ඇයි කියලා අම්මා මට නොසෑහෙන්න වියදම් කරනවා...මම මොන දේ කිව්වත් එයා ඒක උපරිමෙන් දෙනවා...එයා මට ආදරෙයි...ඒත් ආපිට ගොඩක් දේවල් බලාපොරොත්තු වෙනවා...

හුස්මක් දුරින්...Where stories live. Discover now