බොරු කියන්නෝන නෑ අපි පස්දෙනාට ම කෙල්ලො පිස්සු වැටිලා ඉන්නෙ... කොල්ලො කියලත් වෙනසක් නෑ... සල්ලි තියෙනවා,හැන්ඩ්සම්, තමන් තෝර ගත්ත ෆීල්ඩ් එකේ සුපිරි ඩයල් එකක්....ඉතින් උන් පිස්සු වැටෙන එක සාධාරණයි...

ඔය හේතු නිසා පස්සෙ අපි යූටියුබ් චැනල් එකක් පටන් ගත්තා...ඉඩ තියෙන විදියට ලයිව් යනවා...vlog දානවා... ඔය වගේ ආතල් දෙනවා ඉතින්....දැන් අපි සෙට් එක දොළහ වසරෙ... ඒ කියන්නෙ ඉතින් ඊළඟ අවුරුද්දෙ ඒලෙවල් කරනවා...තාම අපි සෙට් එක එකට ම ඉන්නවා...

තේනුක,කවිනු දෙන්නා කපල් එක... ඒක ඉතින් ප්‍රසිද්ධ රහසක්...බයට එළිපිට කතා නොකළට ගොඩක් උන් ඒක දන්නවා...සෙට් එකක් බොක්කෙන් ම සප් එක දෙනවා... අනිත් උන් කවිනුගෙ තාත්තට එහෙම බයට කටවල් වහන් ඉන්නවා...

කවිනු කියන්නෙ...තරහ කරගන්න වටින එකෙක් නෙවෙයි...කවිනුගෙ තාත්තට කොළඹ ප්‍රසිද්ධ ම රෙස්ටුරන්ට් චේන් එකක් වගේම නයිට් ක්ලබ් දෙකකුත් තනි අයිතියට තියෙනවා...ඒ වගේම අපේ අගමැතිතුමාගෙ දකුණු අත විජේසූරිය අංකල්...

ශාලුකගෙ සීයගෙ ඡන්ද වැඩවලට වියදම් කරන සෙට් එකේ විජේසූරිය අංකල් උඩම ඉන්නවා...ශාලුකගෙ ලොකු අප්පච්චිත් පොලිටික්ස්වලට ජොයින් වෙලා ඉන්නවා...ශාලුකගෙ අප්පච්චි ඡන්දෙ ඉල්ලන වැඩ නොකළට සීයගෙ අනිත් සියලු වැඩවලට සපෝට්...

ශාලුක කියන්නෙ අපේ සෙට් එකේ ඉතුරු නළුවා...ශාලුක පහන් දේවේන්ද්‍ර ආරච්චි....අපෙ අගමැතිතුමාගෙ බාලම මුනුපුරා...දේවේන්ද්‍රාරච්චි පරම්පරාවෙ බාලම කොල්ලා... දේවේන්ද්‍ර වලව්වෙ මැණිකෙ වැඩියෙන් ම ආදරේ මුනුපුරා..

ශාලුක තනිකර ම ප්ලේබෝයි ටයිප්... ඇඳුම් මාරු කරන්න වගේ පාට්නර්ස්ලා මාරු කරනවා... ශාලුක ෆුට්බෝල් ගහනවා...ස්විමින් ක්ලබ් එකේ ඉන්නවා... සින්දු කියන්න පුළුවන්...ඔය වගේ තමයි ඉතින්...

කෙටියෙන් ම කිව්වොත් ඌ පට්ට ම ආඩම්බරයි.... වචනයක් දෙකක් හරි කතා කරන්නෙ අපි එක්ක විතරයි... සීතල චරිතයක්....

එයාගෙ ජීවිතේ එයාට වටින අය නැහැ...අපි වුණත්... හිටියොත් කතා කරලා ඉන්නවා කරදරයක් නම් හොයනවා නැත්තන් ඉන්නවද නැද්ද හොයන්නෙ නෑ...

හුස්මක් දුරින්...Where stories live. Discover now