Chapter 35

305 64 37
                                    

"අපි හරි තැනට ආවද?"

"ඔව් ජංගුක්... පලඳනාවෙන් පෙන්නන විදිහට මෙතන තමයි ෂියානා ඉන්නෙ."

ස්වානා ඇතුළු පිරිසට ටික වෙලාවකින් අවශ්‍ය තැනට එන්න පුළුවන් වුණා. ෂියානාව හිර කරලා තියෙන පරණ කර්මාන්ත ශාලාවට පැමිණි ඔවුන් අවට පරීක්ෂා කළා. එතන හිමාෂුට අයත් යැයි කිව හැකි පිරිසක් වගේම හීෂාගෙ යාලුවොත් ඉන්නවා දැක්කම ඔවුන්ට වෙච්ච දේ තේරුම් ගියා.

"ඇයි මැණික ඔයා මේ තරම්ම අහිංසක? ඔයා එයාට උදව් කරන්න තරම් හොඳ කෙනෙක් වුනේ ඇයි? ඒ කෙල්ල ඔයාව රවට්ටලා මැණික."

ජංගුක් කිව්වෙ කළකිරීමෙන් හීෂා දිහා බලාගෙන. ඇය කර්මාන්ත ශාලාවෙන් එළියට ඇවිත් අනිත් තරුණියන්ව පිටත් කර හැරීමෙන් පසුව හීෂා නැවතත් ඇතුලට ගියා. ඒ අතර ටේහ්යොන්ග් සහ ජිමින් උත්සාහ කලේ කර්මාන්ත ශාලාවේ ඉදිරිපස දොරටුව විවෘත කරගන්න. ඇතුලෙන් ෂියානාගෙ කටහඬ ඇහෙන්න පටන් ගනිද්දි ජංගුක්ට තවත් ඉවසන්න බැරි වුණා.

"ආආආආ..... මගෙන් ඈත් වෙන්න. නුඹට වන්දි ගෙවීමට සිදු වේවි මේ දේවල් වලට."

"මං ඒ ගැන බලාගන්නම් කෙල්ලෙ. උඹට කලින් මම මේකිව විනාස කරලා ඉන්නම්."

හිමාෂු කට කොනින් හිනාවෙන ගමන් තවත් තරුණියක් අසලට ලං වුනේ වියරු වැටුණු දෑස් වලින්. ඔහුට අවශ්‍ය වුණා ෂියානාගේ බිය වැඩි කරවන්න. ඒ අනුව ඇගේ කෑගැසීම් නිසා ජංගුක්ව මානසිකව වට්ටන්න. දැනටමත් ජංගුක් දොරටුවට හයියෙන් ගහන ගමන් කෑගැහුවෙ හිමාෂුගේ හිත තවත් සතුටට පත් කරමින්.

"ආආආආහ්..... මගේ මැණිකව අතෑරපල්ලා පව් කාරයො. එයාව අතාරිනවා. එයා අහිංසකයි.... උඹලා මොන ජාතියෙ මිනිස්සුද?"

ජංගුක් දොරටුවට කොයිතරම් ගැහුවත් එය විවෘත වන බවක් පෙනෙන්නට තිබුණේ නැහැ. ටේහ්යොන්ග් සහ ජිමින් පවා ලොකු උත්සාහයක් ගත්තා. නමුත් ඒ කිසිවක් සාර්ථක වුනේ නැහැ. අවසානයේ ස්වානා තීරණය කරනවා ඔවුන්ට කරන්න තහනම් දෙයක් කරන්න.

"ජංගුක්..... අපි පලඳනාවෙන් මායා බලය එක් රැස් කරගෙන මේ දොර අරිමු."

"හ... හ.... හරි ස්වානා.... ඉක්මන් කරන්න."

ජංගුක් කලබලෙන් කියද්දි ස්වානා දොරටුව විවෘත කරගත හැකි මායාවන් භාවිතා කිරීමට පටන් ගත්තා. නමුත් ඇය හැර කිසිවෙකුත් දැනගෙන හිටියෙ නැහැ මේක කොයිතරම් බරපතල දෙයක්ද කියලා. ඔවුන්ට දොරටුව ඇරගෙන ඇතුලට යන්න පුළුවන් වේවි. නමුත්.... මායාවන් එක් රැස් කිරීම යනු දේව සභාවෙන් තහනම් කල විශාල වරදක්. එයත් සේවිකාවකට කිසිසේත්ම අනුමත නොකළ දෙයක්.

Until We Meet || JJK ✓Where stories live. Discover now