ඊලඟ දවසෙ උදේ වෙද්දි සෝල් නැෂනල් යුනිවර්සිටි එක ඇතුලෙ තිබුණෙ කලබලකාරී ස්වභාවයක්. ට්‍රිප් එක යන්න ඇවිත් හිටපු ලමයින්ගෙ තිබුන උද්යෝගය ඒකට හේතුවක්.
"ලමායි.... එහෙනම් ඔක්කොම රණ්ඩු වෙන්නෙ නැතුව දෙන්නා දෙන්නා අත් අල්ලගෙන බස් එකට නගින්නකො."
ප්‍රොෆෙසර් ජින් කිව්වෙ තමන්ගෙ ලමයි ටික ගැන හොඳටම දන්න නිසා. ඒත් ඉතින් ලමයි ටික නම් ප්‍රොෆෙසර් ජින්ට ඇහුම්කන් දුන්නා කියලා හිතන්න බැහැ. අනිත් සේරම ලමයි පේළියක් හැදිලා බස් එකට නගින අතරෙදි තවත් ලමයි දෙන්නෙක් අතර ඇති වුනේ පුංචි කතාබහක්.
"මේක අසාධාරණයි. උඹ ස්වානා එක්ක යද්දි මං යන්නෙ මොකා එක්කද?"
"පිස්සු කියවන්න එපා ජිමිනා. උඹ වෙන කෙල්ලෙක් හොයාගනින්. ඇයි අර යූරා ඉන්නෙ."
"යූරා.... අර ඇඳුම මහගන්න වෙලාවක් නැතුව රෙදි කෑල්ලක් විතරක් පටලවගෙන ආපු කෙල්ලද?"
ජිමින් කිව්වෙ යූරා දිහා ඇස් කොනින් බලන ගමන්. දෙන්නා දෙන්නා යන්න කිව්වත් ජිමින්ට ගමන යන්න කෙනෙක් හිටියෙ නැහැ. කොල්ලො දෙදෙනාටම හිටපු එකම කෙල්ල ටේහ්යොන්ග් එක්ක යද්දි ජිමින්ට තනියම යන්න හිත හදාගන්න වුණා.
"ඔච්චර හිතන්න එපා. මට ස්වානාව හුරුයි වගේ දැනෙනවා. හරියට මම ආත්ම ගානක ඉඳන් එයාව අඳුරනවා වගේ."
ටේහ්යොන්ග් කිව්වෙ නිල් අහස දිහා බලන ගමන්. කොල්ලා නිල් අහසට වඩා රෑ අහසට ආදරේ කලා. සමහර වෙලාවට ඒ ඇයි කියලා ටේහ්යොන්ග්ටවත් තේරුනේ නැහැ. ටේහ්යොන්ග්ගේ ගැඹුරු කල්පනාව බිඳලා දැම්මෙ ජිමින්.
"මං කියන එක පිළිගනින්. උඹ එයාට ආදරෙයි."
"හහ්.... එහෙම වෙන්න බෑ. මං ඒ කෙල්ලව දැකපු දවසෙ ඉඳලා දැනෙන දේ ආදරේ වෙන්න බෑ. එක දවසකින් ආදරයක් ඇති වෙන්නෙ කොහොමද?"
ජිමින් කොයිතරම් ඒ දේ ගැන කිව්වත් ටේහ්යොන්ග්ට ආදරය ගැන තිබුණෙ වෙනස්ම අදහසක්. එක අතකට කොල්ලා තමන්ගෙ මතය වෙනස් කරන්න අකමැති මුරණ්ඩු කෙනෙක්. හරියට ආත්මයෙන් ආත්මයට කොල්ලට මේ ගතිගුණ උරුම වෙන දෙයක් වගේ.
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයකටත් වැඩි කාලයක් තමන්ගේ එකම ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්... ඔහු කිසිදු කොන්දේසියකින් තොරව නැවත නැවතත් ඇයට ආදරයම පමණක් ලබා දුන් අයෙක්... ඔවුන්ගේ ආදරය එක් ආත්මයකට පමණක් සීමා විය හැකිද? |Until We Meet| |This is my original work...