"අපි ෂියානාව මෙතනින් අරගෙන යන්න ඕන. හ්ම්.... මොකක් හරි තල්ලු කරගෙන යන්න පුළුවන් දෙයක් තිබුනොත් ලේසි වෙයි."
ස්වානා කිව්වෙ වීදුරු පෙට්ටිය දිහා බලාගෙන. ඔවුන් ලෑස්ති වුණේ ෂියානා සිටින වීදුරු පෙට්ටිය එතනින් අරගෙන ගිහින් තවත් ආරක්ෂිත ස්ථානයක තියන්න. ෂියානාට තිබෙන ආරක්ෂිතම ස්ථානය මාලිගාව වුනත් නැවතත් දොරටුව විවෘත කිරීමේදී ඇති විය හැකි අවධානම නිසා ඔවුන් තීරණය කලා ෂියානාව වෙනත් තැනක තියන්න.
"මං ගිහින් ට්‍රොලියක් අරගෙන එන්නම්. අපිට වීදුරු පෙට්ටිය ඒක උඩින් තියාගෙන තල්ලු කරගෙන යන්න පුළුවන්."
"ඒත් ජිමින් මේ වෙලාවෙ ට්‍රොලියක් කොහෙන්ද හොයාගන්නෙ?"
"හ්ම්.... පහල උද්‍යානයේ සත්තුන්ට කෑම අරගෙන යන ට්‍රොලි තියෙනවා මම දැක්කා. එතනින් එකක් ගමු. ටේ.... මං එනකම් මොකක් හරි රෙද්දක් හොයාගන්න බලපන්."
ජිමින් කියද්දි ඔලුව වනපු ටේහ්යොන්ග් ජංගුක් එක්කම වීදුරු පෙට්ටිය රෙදි වලින් ආවරණය කලා. විටින් විට ඇස් වලින් වැටෙන කදුළු පිහදාමින් ඉන්න ජංගුක්ව දැක්කම හැමෝටම ඇති වුනේ ලොකු දුකක්. ඒත් මේ වගේ උදව්වක් ඇරෙන්න ඔවුන්ටත් විකල්පයක් තිබුණෙ නැහැ.
විනාඩි පහලවක් පමණ මහන්සි වෙලා ඔවුන් වීදුරු පෙට්ටිය ට්‍රොලියෙන් තියාගත්තා. ඒ වෙනකොටත් වෙලාව හතට ලංවෙලා තිබුණ නිසා ඔවුන්ට වීදුරු පෙට්ටිය අරගෙන යන එක නම් ලේසි වැඩක් වුනේ නැහැ. මාලිගාව විවෘත කරන්නෙ උදෑසන නවයට නිසා ඔවුන් පහසුවෙන් වීදුරු පෙට්ටිය මාලිගාවෙන් එලියට අරගෙන ආවත් එතනින් පස්සෙ කරන්න ඕන දෙයක් ගැන කාටවත් අදහසක් තිබුණෙ නැහැ.
"අපි කොහොමද මේක අරං යන්නෙ? අනික කොහෙටද?"
ටේහ්යොන්ග් ඇහුවෙ පාර දෙපැත්තෙ කවුරු හරි ඉන්නවද කියලා බලන ගමන්. ඔවුන් හිටියෙ මාලිගාව පිටුපස අතුරු පාරක නිසා දැනට ඔවුන්ට ලොකු අවදානමක් තිබුණෙ නෑ.
"අපිට දිගටම මේක පාර දිගේ තල්ලු කරගෙන යන්න බෑනෙ. වාහනයක් කතා කරගමු."
ජංගුක් කිව්වෙ ඔහුගේ දුරකථනය අතට ගන්න ගමන්. දැනටමත් ඔහුට දුරකථන ඇමතුම් විස්සකට වඩා ඇවිත් තිබුණත් ඔහු ඒ කිසිවක් ගණන් නොගෙන වැඩේට අවධානය දුන්නා.
أنت تقرأ
Until We Meet || JJK ✓
قصص الهواةඇය වසර සියයකටත් වැඩි කාලයක් තමන්ගේ එකම ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්... ඔහු කිසිදු කොන්දේසියකින් තොරව නැවත නැවතත් ඇයට ආදරයම පමණක් ලබා දුන් අයෙක්... ඔවුන්ගේ ආදරය එක් ආත්මයකට පමණක් සීමා විය හැකිද? |Until We Meet| |This is my original work...