Chapter 21

254 75 48
                                    


අඩක් පමණ ඇරුණු දොරෙන් කාගෙ හරි අතක් පේන්න තිබුණා. කටහඬ නිසාම ඒ තරුණියක් විය යුතු බව ඔවුන්ට තේරුණත් මේ වගේ අවස්ථාවක තමන්ට උදව් කරන්න තරම් තියෙන හේතුව ගැන හැමෝටම දැණුනෙ සැකයක්.

"කවුද ඔයා? ඇයි අපිට උදව් කරන්න හදන්නෙ?"

ජංගුක් ඇහුවෙ ඇරිලා තිබුණ දොරෙන් ගෙදර ඇතුල බලන්න උත්සාහ කරන ගමන්. නමුත් ඇතුලත තිබුණු දැඩි අඳුරු ස්වභාවය නිසා කිසිවක් පැහැදිලිව පෙනුණේ නැහැ.

"මා උපකාර අවශ්‍ය අයට උපකාර කරනවා. කෙසේ වෙතත් මහ ඇමතිතුමා මුළු ගම්මානයටම කරදරයක්. අනෙකුත් තරුණියන් ඔහු වෙත යෑමට පොර කෑවත් මා හට නම් ඔහුව පේන්න බෑ."

ඇතුලත සිටි තරුණිය නුරුස්සන ස්වභාවයකින් පවසද්දි ජිමින් හෙමින් සැරේ දොර ලඟට ගියේ තමන්ගෙ ඇස් පුංචි කර ගනිමින්. ඒ අතර ඔවුන්ට ඇහුනෙ සෙබළුන් ඔවුන් සිටින දිහාවට පැමිණෙන ශබ්දයයි.

"ඉක්මනින්ම අර තරුණිය සොයා ගත යුතුයි. මහ ඇමතිතුමාව ප්‍රතික්ෂේප කල ප්‍රථම තරුණිය ඇයයි."

"ඇයි දුටුවේ නැතිද? ඇය අසල සිටි කඩවසම් තරුණයා ඇගේ තරුණයා විය යුතුයි. අනෙකුත් තරුණියන් මිල මුදලට කෑදරකමින් මහ ඇමතිතුමා වෙත ගියත් එවන් තරුණයෙක් සිටියදීත් තරුණියක් ඔහු වෙත යයිද?"

සෙබළුන් පැමිණියේ මහ හයියෙන් කතා කරන ගමන්මයි. මහ ඇමතිතුමා සිටින විට ඔහුට අසීමිතව ගෞරව කරන මොවුන් ඔහු නැති තැන ඔහු පිලිබඳ කතා කලේ සමච්චල් සහගත සිනහවක් සමඟින්. 

"සෙබළුන් ලඟම පැමිණෙනවා. නුඹලාට අවශ්‍ය මැයව අර ස්ත්‍රී ලෝලියාට ලබා දීමට ද? ඔහුට දැනටමත් තරුණියන් තිහකට අධික ප්‍රමාණයක් සිටිනවා. ඔහු වෙතින් දිවිය විනාශ කරගත් තරුණියන් විස්සකට අධික පිරිසක් පසුගිය දිනෙක කොලනියට ගෙනැවිත් අත්හැරියා. ගැලවීමට අවැසි නම් වහාම ඇතුලට පැමිණෙනු."

තරුණිය නැවත නැවතත් පවසද්දි ජංගුක් තීරණය කලා ඇයව විශ්වාස කරන්න. මේ වගේ වෙලාවක ඊට වඩා දෙයක් ගැන හිතන්න ගියොත් හැමෝම ලොකු කරදරේක වැටෙන බව ඔහුට තේරුණා. කිසිම කතාවක් නොමැතිව ඔහු නිවස තුලට ඇතුළු වනවිට ටේහ්යොන්ග් ස්වානා දෙදෙනාත් ඔහුව අනුගමනය කළා. නමුත් ජිමින් නම් හිටියෙ තවමත් කිසිවෙකුත් විශ්වාස නොකළ යුතුයි කියන මතයේ.

Until We Meet || JJK ✓Where stories live. Discover now