ජිමින්ගෙ ඇමතුමත් එක්ක ජංගුක්ට අලුත් බලාපොරොත්තුවක් ඇති වුණා. කොහොමත් මේ තරම් දුරක් ඇවිදින් එකපාරටම තමන්ගෙ ආදරේ අතෑරලා දාන්න ජංගුක් සූදානම් වුණේ නැහැ. කලින් දවසෙත් ජනේලෙන් පැනලා එලියට ගිය නිසා මේ පාර ඒ වැඩේ කරන එකත් ලේසි වෙන්නෙ නැති බව ජංගුක් දැනගෙන හිටියා.
වෙලාව රාත්‍රී හතට විනාඩි විස්සක පමණ කාලයක් තවමත් ඉතිරිව තිබියදී ජංගුක් ඈත අහස දිහා බලාගෙන ඉන්න පටන් ගත්තා. සියල්ල හොඳින් විසඳේවි කියන බලාපොරොත්තුව විතරයි ඔහුට තිබුණේ. එක්වරම ඔහුට දැනුණෙ කවුරු හරි ඔහුව පිටිපස්සෙන් බදාගත්තා කියලා. ඒ කවුද කියලා අඳුරගන්න බැරි කමක් ජංගුක්ට තිබුණෙ නැහැ.
"හීෂා...... ඔයා මාව අමතක කරලා ඔයාගෙ ජීවිතේ පටන් ගන්න. මට වඩා හොඳ ජීවිතයක් ඔයාට තියෙනවා."
"අනේ කූ...... බබා මං කොහොමද ඔයාව අමතක කරන්නෙ? ඔයා මගේ විතරයි."
හීෂා තවත් ජංගුක්ගෙ තුරුලට වෙද්දි ඔහු කලේ ඇයව ඈත් කරපු එක. ඒ සමඟම හීෂා අඬන්න පටන් ගත්තෙ ජංගුක්ව පුදුම කරලා. මොන දේ වුණත් තමන් නිසා තව කෙනෙක් දුක් වෙන එකට ජංගුක් කැමති වුණේ නැහැ. ඒ නිසා ඔහු හීෂාගේ ඔලුව අතගෑවෙ ඇයට යම් සහනයක් වීමේ බලාපොරොත්තුවෙන්.
"හීෂා.... මේ වෙඩින් එක සිද්ධ වුණත් මට කවදාවත් ඔයාට ලංවෙන්න බැරි වෙයි. මට එහෙම කරන්න බෑ. ඔයාගෙ ජීවිතේ මං දැන දැනම විනාශ කරන්නෙ කොහොමද?"
"කූ.... ඔයා ඔය කෙල්ලව අමතක කරන්න හ්ම්... අපි දෙන්නා මැරි කරමු. මං ඔයාට ඕනෙ හැම දෙයක්ම දෙන්නම්. ඔයාට මොනාද ඕනෙ? බලය, දේපල, සල්ලි ඔය හැමදේම... මාව වුනත් මම ඔයාට දෙන්නම්."
"ප්ලීස් හීෂා තේරුම් ගන්න. මට ඔය මොකුත් වැඩක් නෑ. අනික මට සාමාන්‍ය මනුස්සයෙක් වගේ ඔයත් එක්ක කවදාවත් ඉන්න බෑ. ප්ලීස් තේරුම් ගන්න.... මට ඔයා එක්ක ශාරීරික එක්වීමක් වෙන්න දෙන්න බෑ... ඔයාට කවදාවත් ඒ සතුට දෙන්න මට බෑ. මම දේවතාවියක් එක්ක ඉන්න පුරුදු වුන කෙනෙක්. ඉතින් මට එයා එක්ක විතරයි ඉන්න පුළුවන්."
ජංගුක් විස්තර කරද්දි හීෂා කඳුළු පිහදාගත්තා. ඊටපස්සෙ ඇය එක්වරම හිනාවෙන්න ගනිද්දි ජංගුක් තවත් පුදුම වුණා. ඇය මේ වගේ කෙනෙක් වෙයි කියලා ඇය කිසිම වෙලාවක හිතුවෙ නෑ. නමුත් ඇය ඔහුගේ හිත හොඳ කමින් අයුතු ප්‍රයෝජන ගත්තා. මේකට ආදරේ කියලා කියන්න පුළුවන් ද?
YOU ARE READING
Until We Meet || JJK ✓
Fanfictionඇය වසර සියයකටත් වැඩි කාලයක් තමන්ගේ එකම ආදරය වෙනුවෙන් බලා සිටින අමරණීය දේවතාවියක්... ඔහු කිසිදු කොන්දේසියකින් තොරව නැවත නැවතත් ඇයට ආදරයම පමණක් ලබා දුන් අයෙක්... ඔවුන්ගේ ආදරය එක් ආත්මයකට පමණක් සීමා විය හැකිද? |Until We Meet| |This is my original work...