Chapter 26

281 75 86
                                    

"ආහ්......"

"හරි ජිමින්.... දැන් මේ තැටියට ලේ බිංදු තුනක් එක් කරන්න."

යොන්හාගේ මිතුරිය පවසද්දි ජිමින් ඇය කියපු විදිහට කලා. ජංගුක් සහ ජිමින් දෙදෙනා ගම්මානයට ගිය ගමන්ම යොන්හාගේ බෙහෙත් හදන්න පටන් ගත්තා. ඔවුන් ගෙනාපු පැලෑටි වර්ගයේ යුෂ ලබාගත් තරුණිය කිනිස්සක් ආධාරයෙන් ජිමින්ගේ අත්ලෙහි කැපුමක් ඇති කර ලබා ගත් රුධිරයත් යුෂ වලට මිශ්‍ර කලා.

"දැන් මෙය පානය කරන්න යොන්හා..... මායා බන්ධනය බිඳී යාවි."

තරුණිය පවසද්දි ඇය හෙමින් බෙහෙත් බඳුන සිය මුවට ලං කරගත්තා. ඒ අතර ජංගුක් දුටුවේ දොරටුව විවෘත වීමට තවත් විනාඩි පහලවක පමණ කාලයක් ඉතිරිව තිබෙන බවයි.

"ජිමින්.... අපි දැන් දොරටුව තියෙන තැනට යමු. අනිත් දෙන්නත් එතනට එයි."

ජංගුක් කියද්දි ජිමින් ඔහුගේ හිස ඉහළ පහළ කරලා ලංවුනේ යොන්හා ලඟට. ජිමින් යනවා කිව්වට පස්සෙ ඇය හිටියෙ ටිකක් දුකින්. ජිමින් හිටියෙත් ඇයව දාලා යන්න බැරුව වුනත් ඔහු වෙනසක් නොපෙන්වා පෙර ලෙසම ඇය වෙත සිනහවක් පල කලා.

"මැණික..... ඔයාට ඉක්මනටම හොඳ වෙයි. බයවෙන්න එපා හොඳද.."

"ජි.... ජි... ජිමින්... ඔබට මාව අමතක වේවිද? නැවත මෙහි පැමිණෙන්නේ නැතිද?"

"මම ඔයාව අමතක කරන්නෙ කොහොමද මැණික? මම ආයෙත් එනවා.... ම්ම්... පරිස්සමෙන් ඉන්න මගේ මැණික."

ජිමින් තරුණියගේ නලල සිප ගනිමින් පවසද්දි ඇය ඔහු දෙස බලා සිටියේ ආදරය පිරුණු දෑස් වලින්. එතනින් පසුව අපහසුවෙන් වුනත් ඔවුන් වෙන්ව ගියේ තවත් බොහෝ අභියෝග ඔවුන් වෙනුවෙන් සූදානමින් පවතින නිසායි.

මේ අතර ටේහ්යොන්ග් සිටියේ තවමත් නින්දක පසුවන ස්වානාව ඇහැරවන්න උත්සාහ කරන ගමන්.

"මැණික.... අනේ මැණික නැගිටින්නකො. අපිට තව ටික වෙලාවක් විතරයි තියෙන්නෙ."

"හ්ම්......."

"ස්වානා.... නැගිටින්නකො......"

එක්වරම ස්වානා දිහා බලාගෙන හිටපු ඔහු දැක්කෙ ඇගේ දෑස් ක්‍රමයෙන් විවෘත වන විදිහ. ඇය නැවතත් ජීවත් වෙනවා දැකලා ඇති වුන සතුට නිසාම ටේහ්යොන්ග් ස්වානාව උස්සලා අරගෙන තමන්ගෙ පපුවට තුරුළු කරගත්තෙ ඇගේ මුහුණ පුරාම හාදු තියන ගමන්. මේ වෙලාවෙ ඔහුව නවත්තන්න කෙනෙක් හිටියෙත් නැහැ.

Until We Meet || JJK ✓Where stories live. Discover now