Chapter 32

293 65 126
                                    

අතීත ෂියානා වර්තමාන ෂියානා දෙස බලා සිටියා. ඇය සූදානම් වුණේ ඉක්මනින්ම මායා බන්ධනය බිඳ දමමින් ෂියානාව සදාකාලික නින්දෙන් ඇහැරවන්න. ජංගුක්, ස්වානා වගේම ජිමින් ඇය ඒ දේ කරන දිහා බලාගෙන හිටියා. ජංගුක් නම් මේ වනවිටත් දිලිසෙන ඇස් වලින් බලාගෙන හිටියෙ ඇය නැවත පැමිණි විගස ඇයව තුරුළු කරගන්න.

"මම මේ මායාවෙන් ඇයව නැවත අවදි කරවන්නම්. ඔබ සියලු දෙනා දෑස් වසාගන්න."

අතීත ෂියානා පවසන විට අනිත් අය සිය අත් වලින් දෑස් වසාගත්තා. ඒ අතර තමන්ගේ අත ඉදිරියට දිගු කල ඇය ඇයට අයත් මායා අවාන මවා ගනිමින් එය ෂියානාගේ වීදුරු පෙට්ටිය අසලින් එහෙ මෙහෙ කරන්න පටන් ගත්තා. ටිකකින් එතන දීප්තිමත් ආලෝකයකින් වැසී යන විට. ෂියානා සිටි වීදුරු පෙට්ටියේ ආවරණය ක්‍රමයෙන් අතුරුදහන්ව ගියා. 

ටික වෙලාවක් යද්දි ආලෝකය සම්පූර්ණයෙන්ම පාහේ නැති වී ගියත් කිසිවෙකුත් කතා කලේ නැහැ. ජංගුක් ඇතුළු පිරිස තවමත් ඇස් වහගෙන ඉදිද්දි ඒ විදිහට දිගටම ඉන්න බැරි වුනු ජිමින් ඇස් දෙක වහගෙනම කතා කරන්න පටන් ගත්තා.

"හෙලෝ..... කුක්කා.... ස්වානා..... මොකක්ද වුනේ? මම ඇස් අරින්න ද?"

"පොඩ්ඩක් තදියම නැතුව ඉන්නවකො ජිමිනා. තාම ෂියානා කුමරිය ඇස් අරින්න කිව්වෙ නැහැනෙ."

"ආආආ... ඒත් හා කුක්කො මට මෙහෙම ඉන්න බෑ. අනික දැන් අර එලිය නෑ."

"එහෙනම් ඇරලා බලමු ද?"

ජංගුක් ඇස් වහගෙනම කතා කලත් ජිමින්වත් ස්වානාවත් වෙන කවුරුවත් නැවත ඔහුට කතා කලේ නැහැ. ජංගුක් ඇස් වහගෙන සිටියදීම ස්වානා ජිමින්වත් ඇදගෙන එලියට ගියේ ගබඩා කාමරය තුල ජංගුක් සහ ෂියානා දෙදෙනාව තනි කරමින්. ෂියානා? ඔව්, ඇය මේ වනවිට නැවතත් සිහිය ලබා තිබුණා වගේම ඇය දැන් හිටියෙ ජංගුක්ගෙ ඉස්සරහින් හිටගෙන ඔහු දිහා බලාගෙන.

"ජිමියාආආ..... ඒ පාර ඔහේගෙ හැකර කටට මොකද වුනේ?"

ජංගුක් හුරතල් විදිහට කටත් එහෙ මෙහෙ කරන ගමන් කතා කරන විදිහ දිහා ෂියානා බලාගෙන හිටියෙ කියාගන්න බැරි තරම් ආදරයකින්. හැබැයි පෙර ආත්මයේ ජොන්හ්වන් අධිරජුට වඩා මොහු නරක් වෙලා කියලා තමයි ෂියානාට හිතුනෙ. මොන දේ වුණත් ඒ තමයි තමන්ගෙ එකම ආදරය, තමන්ට ආදරය, සෙනෙහස, ආරක්ෂාව දැනුණු එකම තැන. කලින් ආත්මයේ ඔහු ෂියානාව ආරක්ෂා කලත් මෙතැන් සිට ඔහුව ආරක්ෂා කරගන්න වෙන්නෙ තමන්ට කියලත් ඇයට හිතුනා.

Until We Meet || JJK ✓Where stories live. Discover now