Chapter 13

321 88 52
                                    

"අනේ ඇත්තමයි මට එන තරහක්.... තමුන්ලා මෙච්චර වෙලා පොල් ගෑවද ආආ? මං මෙතන හිඟන්නෙක් වගේ මහ පාර මැද ඉඳගෙන ඉන්නවා. හරියට නිකන් මගේ කෙල්ලෙක් බලන්න යන්න වගේනෙ දෙයියනේ මම දුක් විඳින්නෙ."

ජිමින් කිව්වෙ ඔහු ඉඳගෙන හිටපු තැනින් නැගිටින ගමන්. උදේ හය වෙනකම්ම ජංගුක්වත් ටේ ස්වානා දෙන්නා වත් නැති වෙනකොට ජිමින්ට සිද්ධ වුණේ පාරෙ ඉඳගෙන ඉන්න. ඊටත් වඩා කොල්ලට තරහා ගියේ පාරෙ එයා ලඟින් ගිය කෙල්ලො ටිකක් ජිමින් දිහා බලලා හිනා වෙද්දි.

"ඇත්තටම තමුන් ලා මෙච්චර පරක්කු වුනේ මොකද? නෙළුම් මල් පිපෙන්න කලින් යන්න ඕන නේද?"

"මං ඉතින් ස්වානාව එක්කන් එන්නනෙ ගියේ. එතකොට මේ හා මහත්තයා කොට්ටෙ බදාගෙන හොඳට දොයිය ගත්තද ආආ?"

ටේහ්යොන්ග් ඇහුවෙ පාර දිගේ ඇවිදගෙන යන ගමන්මයි. දැනටමත් හොඳටම පරක්කු නිසා යන ගමන්ම කතා කරන්න ඔවුන් තීරණය කලා. මේ අතර ටේහ්යොන්ග්ගෙ ප්‍රශ්ණෙට උත්තර දුන්නෙ ජංගුක්.

"මට ඊයෙ රෑ නින්ද ගියෙත් නෑ. අපේ ගෙදරින් එලියට බැහැගන්න මං ඊයෙ රෑ දොලහෙ ඉඳලා ප්ලෑන් ගැහුවා. ඒ මදිවට ඉඳලා ඉඳලා එලියට බැස්ස වෙලාවෙ හ්යොන්ග්ටත් අහුවුනා."

"මං දන්නෑනෙ ජංගුක් ඔහේට හ්යොන්ග් කෙනෙක් ඉන්නවා කියලා."

"ඒ මගේම හ්යොන්ග් නෙවෙයි. අපේ ලොකු නැන්දගෙ පුතා නම්ජුන්."

ජංගුක් කියන්නෙ පවුලෙ එකම දරුවා වුන නිසා ඔහුට තිබුණු නීති තවත් වැඩි වුණා. ඒ නිසාම ජංගුක් කරන්න ඕන හැම දෙයක්ම තීරණය කලේ ඔහුගේ දෙමව්පියන්. ඒ අනුව තමයි ඔහුට කැමැත්තෙන් හෝ අකමැත්තෙන් හීෂාව විවාහ කරගන්න කැමති වෙන්න වුනෙත්. මුල ඉඳලම ඒ දේවල් වලට හුරු වුන ජංගුක් කවදාවත් ඒවා වෙනස් කරන්න උත්සාහ කලේ නැහැ. නමුත් ෂියානා ගැන ඔහුගේ හිතේ තියෙන ආදරය ඔහුව බොහෝ දේ වෙනුවෙන් සටන් කරන තත්වයකට පත් කර තිබුණා.

දිගු නිශ්ශබ්දතාවය මැද ඔවුන් ගොඩවුණේ ජොන්හ්වන් මාලිගාවට යන බස් රථයට. උදේ පාන්දරම නිසා වැඩි දෙනෙක් එහි හිටියෙ නැහැ වගේම ඔවුන්ට මාලිගාවට යනකම් නිදාගෙන යන්නත් අවස්ථාව තිබුණා. ටේ ස්වානා දෙන්නා ඇහැරිලා ඉද්දි පරම හතුරන් වෙච්ච ජංගුක් ජිමින් දෙන්නා හොඳට නිදාගත්තා.

Until We Meet || JJK ✓Where stories live. Discover now