CHAPTER 16⚖

168 33 8
                                    

"තමුන්ට මෙච්චර කල් දීලත් තමුන්ට බැරි වුණා අර Taehyungකාරයව ඉවරයක් කරන්න" Bo Gum ගේ පියා එසේත් නැතිනම් කොරියාවේ විශාලතම මත්ද්‍රව්‍ය ව්‍යාපාරයේ සහ පාතාල කල්ලියේ නායකයා වූ Park Il sung තම එකම පුතුට එසේ බැන වැදුණේය. "මේ හැමදේටම මුල අර කොල්ලා Jungkook!! ඌව මරල දැම්මනං තමුන්ට මොලේ පෑදෙයි!"

"තාත්තේ එයාට මුකුත් කරන්න එපා මන් මේ ලෝකේ ආදරේ කරන එකම කෙනා එයා!" Bo Gum තම පියා ඉදිරියේ ඔහු මෙලොව වැඩිපුරම ආදරේ කරන, ඔහුට ආදරේ ගැන ඉගැන්වූ එකම පුද්ගලයා, Jungkook ව බේරාගැනීමට ඔහු බැගෑපත් වුණි. 

"හරි මන් තමුන්ගේ මහා ලොකු කොල්ලව අරින්නම් හැබැයි Taehyungව තමුන් මරල තියෙන්න ඕනේ. මන් ඌව කොහොමහරි මෙතනට ගෙන්නලා දෙන්නම් තමුන්ගේ අත් දෙකෙන්ම ඌව මරලා දාන්න" එසේ කියමින් Il sung එතනින් පිටව ගියේ Bo Gumව එතන තනිකර දමාය.  Bo Gum හට ඔහුගේ පියා කියූ කිසිවක් කිරීමට අවැසි වූයේ නැත. තමන් Jungkook හට කොතරම් ආදරය කළත් ඔහු නැවත තමාගේ නොවන බව ඔහු දැන සිටියේ ය. එමෙන්ම Jungkook හිත දැනටමත් Taehyung අසළට ගොස් ඇති බවත් Bo Gum දැන සිටියේය. එය එසේ වුවත් ඔහු කිසි ලෙසකින් Jungkookහට වෛර කලේ නැත. ඔහුට අවැසි වූයේ Jungkookගේ සතුට සහ නිදහස පමණි. ඔහු හට ඉන් එකක් වත් Jungkook හට රිසි සේ ලබා දීමට නොහැකි බව ඔහු දත්තේය. එහෙයින් Jungkook Taehyung සමග සිටීම ඔහු හට අස්වැසිල්ලක් විය. ඔහුගේ මුළු ජිවිතයම තම පියාගේ අනසක යටතේ පැවතියද Jungkook ඔහුගේ සිර කුටිය තුලට ඔහුගේ සැප දුක බලන්නට නිතරම පැමිණි අයෙක් විය. ඔහුගේ එකම අස්වැසිල්ල විය. ඔහුව Taehyung හට භාර දී පසෙකට වීම ඔහුට ඉතා අපහසු වුවත් ඔහුට වඩා හොඳට Taehyungට Jungkookව බලා ගැනීමට හැකි බව ඔහු දැන සිටි නිසා නිහඬව පසෙකට වීමට සිතා ගත්තේය.

කෙසේ හෝ Il sung Taehyung, Jungkook ඇතුළු කණ්ඩායම තම මාලිගයක් වන ගෙදරට ගෙන්වා ගෙන තිබුණේ Bo Gum හට කිසිත් කරන්නටවත් ඉඩක් නොතබමිනි. ඔහුගේ පියා සුක්ෂ්ම ලෙස තමා පිළිබඳවම ඔත්තුවක් පොලිසිය වෙත ලැබීමට සැලැස්විය. ඒ අනුව ක්‍රියාත්මක වූ Taehyung ඇතුළු කණ්ඩායම Il Sungව අත්අඩංගුවට ගන්නට ගියෝය. ඔවුන් නිවසට ඇතුළු වන විටම පෙර සුදානමින් සිටි Il Sung ගේ මැරයන් ඔවුන්ව අල්ලා ගත්තෝය. Il Sung ගේ සැලසුම ඒ ආකාරයෙන් සාර්ථක වෙමින් තිබියදී ඔහු තම පුතු ව සිර කරගෙන සිටි කාමරයෙන් ඔහුව ගෙන්වා ගත්තේ ඔහුටද තමන්ගේ සැලසුමේ සාර්ථකත්වය පෙන්වන්නටය. මැරයන්ගේ දෑත් වලට හසුව බැට කා සිටි Bo Gum හට Jungkook ඇතුළු පිරිසට ඒ හැටි උදව්වක් කරන්නට පුළුවන් කමක් නොවීය.

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now