🔞CHAPTER 14 ⚖

247 42 10
                                    

"Kim Minju !! Jeon Jungkook!! නවත්තනවා ඔය නාඩගම !!"

ඒ ශබ්දයත් සමඟ පියවි සිහිය එලවා ගැනීමට Jungkook සහ Min-Ju දෙදෙනා ඊළඟට තම මනස සහ ඇස් වෙහෙස වූයේ ඔවුන්ට හදිසියේ බාධා කළ කටහඬේ අයිතිකාරයා සෙවීමට ය.

"අයියේ?"

"Chief??" දෙදෙනා ඔහුව හඳුන ගත්තෝය. නමුත් ඉන් එහාට යමක් කීමට ඔවුන්ගේ මනස හෝ මුව වැඩ නොකළ බැවින් එය විවර කර පිළිතුරු සපයන්නට නිෂ්ඵල උත්සාහයක යෙදීම දෙදෙනාම ප්‍රතික්ෂේප කර නිහඬව සිටියේ Taehyung හට අවැසි දෙයක් කීමට ඉඩ හරිමිනි.

"නංගි තමුසේ යනවා ගෙදර. මන් තමුන් ගැන පස්සේ බලාගන්නම්!" Taehyung ගේ රෞද්‍ර හඬ ට අවනත වෙන්ව වෙනුවට එවෙලේ වෙන කරන්නට හැකි අන් යමක් Min Ju හට නොවීය. එහෙයින් Jungkook ව අයියගෙන් බේරා ගැනීමේ අදහස අකමැත්තෙන් හෝ හන් ගඟට ගුලි කර දමා නිවසට යන්නට ඇයට සිදු විය. ඇය නික්ම ගිය පසු කාමරයේ දොර වැසූ Taehyung තවමත් අඩ නිරුවතින් වූ Jungkook අසළට පැමිණියේය. ඔහු අසළට ලන් වූ හැටියේ අත දිගහැර ගැසූ කම්මුල් පහරකින් Jungkook ගේ සිහිය සම්පුර්ණයෙන් යථා තත්වයට ගන්නට Taehyung සමත් විය. තම රිදුම් කන කම්මුල මත තම සුරත තබා ඔහු Taehyung දෙස බැලුවේ ඔහුගේ නැඟී සමඟ තමන් කරන්නට ගිය නොහොබිනා වැඩය ගැන සමව ඉල්ලන්නද නැතිනම් කම්මුල් පහර පිළිබඳව අප්‍රසාදය පල කරන්නටද නැතිනම් හදිසි කම්මුල් පහර පිලිබදව විශ්මය පළ කරන්නටද යන්න අපැහැදිලි විය.

"තමුන් මොන හිතකින් ද වෙන අය එක්ක ඉන්නේ ආ?" Taehyung තම නංගි පිළිබඳව තමා හා උරණ වී ඇති බව Jungkook සිතුවද එය එවැන්නක් නොවන බව වටහා ගන්නට මේ වාක්‍ය හොඳටම ප්‍රමාණවත් වුවත් Jungkook සාමන්‍ය දැනීම පරීක්ෂණයක මෙන් හොඳටම කල්පනා කර වැරදි පිළිතුර තෝරා ගත්තේය.

"Chief, I'm really sorry! මන් දැනගෙන හිටියේ නැහැ ඒ ඔයාගේ නංගි කියල"

"ආ එතකොට තමුන් ඒ මගේ නංගි නෙමේ නම් කරන්න හිටපු දේ කරනවද?" Taehyung Jungkook දිගා වී සිටි ඇඳ මතට තම සපත්තු ගලවා නැගුනේ Jungkook ගේ නළලතේ හීන් දාඩිය නංවමින්. නමුත් Jungkook තම මනසේ වූ ශක්තිය එක කොට වචන කිහිපයක් ගලපා Taehyung ට ඉදිරිපත් කිරීමට සමත් විය.

"Chief, මේක මගේ පෞද්ගලික ජීවිතේ. මන් හිතන්නේ නැහැ ඔයාට මැදිහත් වෙන්න පුළුවන් කියල. මට සමාවෙන්න ඔයාගේ නංගි ගැන. ඒ ඇරෙන්න අනික් දේවල් ඔය මගේ ලොක්ක වුනාට ඔයට මැදිහත් වෙන්න බැහැ." තමා යුද්ධය දිනුවේ ද නැතිනම් තමා යුද්ධයක් ආරම්භ කලේද යන වග Jungkook ට අපැහැදිලි වුවත් තමන් මවා ගත් පෞර්ෂය ඔහු පවත්වාගෙන ගියේය. Jungkookගේ ප්‍රකාශය හමුවේ Taehyung නිරුත්තර විය. ඔහු නිවැරදි බව Taehyung දැන සිටියේ වුවද ඔහුගේ හිත එය පිළිගන්නට අකමැති විය. 

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now