🔞Chapter 10⚖️

394 49 4
                                    

මීට වසර කිහිපයකට පෙර G වැනි පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් දරුවන් පැහැර ගෙන ගොස් ඔවුන් ව ඝාතනය කිරිමේ සිදුවීමක් වාර්තා විය. ඔහුගේ ගොඳුරක් බවට පත් වූ අහිංසක පිරිමි දරුවන් ප්‍රමාණය දහයකට අධික සංඛ්‍යාවක් විය. ඔහු එසේ අල්ලා ගත් සියලුම දරුවන් පාහේ රටේ විශාල තනතුරු දැරූ පුද්ගලයින් හෝ ව්‍යාපාරික ධනවතුන්ගේ දරුවන් විය. එම ඝාතකයා එසේ දරුවන් පැහැර ගෙන ඝාතනය කිරීමට හේතුව ලෙස දක්වා තිබුණේ තමාට ඒ පුද්ගලයන් දස දෙනා සිදු කෙරූ දේවල් වලට පලි ගැනීම වශයෙන් එසේ සිදු කල බවය. තමන්ගේ ව්‍යාපාරයන් ගෙන යාමට අනාගත භාරකරුවන් නොවූයෙන් ඒ ව්‍යාපාර වර්තමානය වන විට සොයාගන්නටවත් නොහැකි විය. එම ඝාතකයාගේ අවසන් ගොදුර බවට පත් වූයේ Kim සහ Jeon පවුල් වල දරුවන් දෙදෙනාය. යන්තම් වයස අවුරුදු 13ක් පමණ වූ Kim පවුලේ එකම දරුවා Taehyung ද වයස අවුරුදු 9ක් පමණ වූ Jeon පවුලේ එකම දරුවාද වූ Jungkook ව එකම දවසේ පැහැරගෙන ගොස් තිබුණේය. පොලීසියේ මැදිහත් වීමෙන් සහ කුඩා Taehyung ගේ දක්ෂතාවය නිසා නූලෙන් මෙන් ඒ දෙදෙනාගේ දිවි බේරාගත හැකි විය. එහිදී ඇති වූ කම්පනය නිසා සම්පුර්ණයෙන්ම Taehyungගේ මුහුණ Jungkook හට අමතක වී තිබුණද එතැනදී යමෙක් ඔහුට උදව් කල බව පමණක් ඔහුගේ මතකයේ විය. එදින ඇති වූ කම්පනය නිසා මානසිකව බොහෝ එයින් කඩා වැටුණු කුඩා Jungkookව යථා තත්වයට ගැනීමට ඔහුගේ පියා බොහෝ සෙයින් වෙහෙස විය. අවුරුදු කිහිපයක වෑයමෙන් ඔහු තරමක් දුරට සාර්ථක වුවත් Jungkook හට ඉඳ හිට එදින සිදුවීම් වල අපැහැදිලි ඡායා මැවෙනු නවතන්නට අපහසු විය. Jungkook හට Taehyungගේ මුහුණ අමතක වී ගොස් තිබුනද Taehyung හට Jungkookගේ මුහුණ මතක තිබුණේද නැද්ද යන වග අපැහැදිලි විය. එය කෙසේ වුවත් වර්තමාන ඝාතන සිදුවීම් පෙළෙහි අග මුල සොයා යාමට Jungkook සම්බන්ධ වනවාට Taehyung දැඩි සේ විරුද්ධ විය. එය මුළු දෙපාර්තුමේන්තුවේ සැමට ඇති විශාල ගැටළුවක් වුවද කිසිවෙක් ඒ පිළිබඳව Taehyungගෙන් ප්‍රශ්න නොකළේ ඔහුගේ තරහ ගැන සැවොම දැන සිටි බැවිනි. සැබවින්ම තමන්ගේ නම්බුවත් අමතක කොට සැමගේ සැකයට භාජනය වීගෙන Jungkookව පරීක්ෂණයෙන් ඉවත් කරගැනීමට තරම් ම අවශ්‍යතාව කුමක්ද?

"Sir, මම Jungkook. ඇතුලට එන්නද?"

"තමුන් ආවේ තමුන්ව මේ case එකට ගන්න කියන්න නම් දැන්ම ආපහු ගියොත් හොඳයි මගේ කාලේ නාස්ති නොකර"

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Onde histórias criam vida. Descubra agora