CHAPTER 09⚖️

255 43 12
                                    

Boemgyu ගේ අවසන් කටයුතු සිදුකරන ස්ථානය වෙත උදෑසනින් ම Jungkook ගියේ Yeonjunගේ Taehyun ගේ මුහුණු බලන්නට තිබූ නොකැමැත්තත් හිතේ තබාගෙනමය. තමාගේ අසමත් වීම පිළිබඳ Jungkookගේ සිතෙහි වූයේ විශාල කණගාටුවක්, පසුතැවීමකි. එමෙන්ම ඔහුගේ සිතෙහි Felix පිළිබඳවද බියක් හට ගෙන තිබුණි. ඒ තරුණ පිරිමි ළමයා තමා වැනි නවකයෙක් විශ්වාස කර ඔහුගේ ජීවිතය තමාට භාර දී තිබීම Jungkookට අති විශාල වගකීමක් විය. නමුත් Jungkook ට තමා හැර විශ්වාස කරන්නට හැකි වූයේ Jimin වම පමණකි. අන් කිසිවෙක් ඔහු හට විශ්වාසය තැබිය හැකි පුද්ගලයන් සේ නොපෙනුනි.

Boemgyu ගේ අවසන් කටයුතු සිදු වූ සොහොන් භූමිය වෙනදාටත් වඩා මලානික පැහැයක් ඉසිලීය. Boemgyuගේ අකමැති ම පාට වූ කළු පැහැයෙන් සියල්ලෝම සැරසී සිටියෝය. Taehyun ගේ සහ Yeonjunගේ දරාගත නොහැකි තරම් දුකක් සැඟව ගිය මුලු රැය පුරා හැඬීමෙන්
සුදුමැලිව මලානික වී ගිය මුහුණු දකින්නටත් නොහැකි විය. කදුළින් වැසී ගිය තම දෙනෙත් වලින් වටපිට සිසාරා යන බැලූ Jungkook සෙනඟ අතරින් තමාට හුරුපුරුදු රුවක් දුටුවේය. කදුළු කාටත් නොපෙනෙන සේ පිස දැමූ ඔහු ඒ හුරුපුරුදු පුද්ගලයා කවුදැයි බැලීමට නැවත එදෙසට දෙනෙත් යොමු කල විට ඔහු දුටුවි කලු පැහැ suit එකක් හැඳ සිටි ඔහුගේ මිතුරා Bo Gumවය. Jungkookව දැක මද සිනහවක් පා හිස නැවු Bo Gum එතනින් පිට ව ගියේය.Jungkook අවසන තෙක් සොහොන් භූමියේ රැඳී සිටියද Taehyun, Taehyung, Yoongi, Hoeseok හෝ Bo Gum අවසන තෙක් රැඳී නොසිටියෝය. අවාසනයේ  සිට ගන්නටවත් නොහැකි තරම් දුබල ව සිටි Yeonjunව වත්තම් කරගෙන Jungkook සොහොන් භූමියෙන් නික්මෙන්නට යන මොහොතේ ඔහුගේ පොලිස් වසමේ තවත් එක් නිලධාරියෙක් දුවවිත් ඔවුන්ට තවත් දරාගත නොහැකි ආරංචියක් පවසා යන්නට ගියේය.

"සර් අර Taehyun suicide කරගෙන. ඉක්මනට එතනට එන්න.."

එය Jungkook වත් Yeonjunවත් තවත් නරක ආරංචියකට සූදානම් ව නොසිටි අවස්ථාවක් විය. එසේ තිබියදී මේ පැමිණි ආරංචිය දරාගන්නට ශක්තියක් ඔවුන්ට නොතිබුණි. Yeonjunට එතනට යාමටම අවශ්‍ය යැයි කියූ බැවින් Jungkook ඔහුවද රැගෙන Taehyunගේ නිවසට ගියේය. එහි යනවිටත් Taehyung ඇතුලු කණ්ඩායම පරීක්ෂණ අරඹා තිබිණ. නමුත් එහි පරීක්ෂණය කරන්නට තරම් දෙයක් නොවුණේ Taehyun තම අත් අකුරින් ම ලියූ ලියුමක් මේසය මත තබා නික්ම ගොස් තිබූ බැවිනි. ඔහු විසින්ම තම දකුණත බ්ලේඩ් තලයකින් කපා ගෙන තිබුණි.

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now