CHAPTER 02⚖️

583 99 35
                                    

"මේ ඉන්නේ මේ දැන් ටිකකට කලින් අතුරුදහන් වුණ ළමයා.... Choi Boemgyu..."

Jungkook මේසය මත තබා තිබූ ඡායාරූපය අතට ගත්තේය. හුරතල් ටෙඩි බෙයාර් කෙනෙක් මෙන් වූ ඒ අහිංසක මුහුණ දෙස Jungkook බලා සිටියේ කම්පාවෙනි. එවැනි අහිංසක දරුවන්ට මේ ඝාතකයා අමානුෂික ලෙස සලකන්නේ කෙලෙසකද කියා Jungkook ට සිතාගැනීමටවත් නොහැකි විය. මේ දරුවා නැවත පණ පිටින් ඒවිදෝ කියා කිසිම විශ්වාසයක් තැබිය නොහැකි බව හොඳාකාරවම දන්නේ වුවද Boemgyu කෙසේ හෝ යහතින් පැමිණේවා කියා ඔහු ප්‍රාර්ථනා කළේය. මේ දරුවන්ව මුදා ගැනීමට සැලැස්මක් නිර්මාණය කරන අතරේ Taehyung ගේ කාමරයට ළමුන් දෙදෙනෙක් කඩා වැදුනා.

"අනේ සර් අපේ යාලුවව බේරලා දෙන්න කොහොමහරි..." ඒ දෙදෙනා අතරින් මුහුණේ freckles තිබූ ළමයා හඬන්නට වූයේ ය. නමින් Felix වූ ඔහු Boemgyu ගේ හොඳම මිතුරාය. ඔහු සමඟ පැමිණි Taehyun හට කතා කිරීමටවත් නොහැකි තරම් ඔහු කම්පනයට පත් වී තිබුණි. Boemgyu වෙනුවට ඔහුව රැගෙන ගියා නම් හොඳ යැයි ඔහු සිතුවේය. Boemgyu ට කිසිත් සිදු වුවහොත් ඔහුද තම ජීවිතය අත් හරින බව ඔහු තරයේ සිතා ගෙන සිටියේය.

"කළබල වෙන්න එපා දරුවො. අපි ඔයාගේ යාලුවව කොහොමහරි බේරගන්න උත්සහ කරන්නම්. ඒත් ඒකට මට ඔයාලගේ උදව් ඕන" Hoseok Felix ගේ උරහිස මත තබා ඔහුව අස්වසන්නට තැත් කරමින් කීවේය.

"කියන්න සර් අපෙන් මොනවද වෙන්න ඕන?"

"එයා අතුරුදහන් වෙන්න ඉස්සරින් එයාට ලැබුණ මේ ලියුම ගැන ඔයාලා මොනවාහරි දැනගෙන හිටියද?" Jungkook ඇසුවේය.

ඒ පැනයට පිළිතුරු දෙන්නට ඉදිරිපත් වූයේ මෙතෙක් වේලා නිහඬව බලා සිටි Taehyunය. ඔහු වෙව්ලන කටහඬින් ඔහු දන්නා දේවල් පොලීසියට පවසන්නට මුව විවර කළේය. ඔහුගේ දෑසින් ගලා ගිය කඳුලු බිඳු කම්මුල දිගේ රූරා වැටුණි. ඔහුගේ රතු වුණ දෙනෙත් ඔහු මොනතරම් හඬා තිබුණේ ද යන වග කියා පෑවේය. හයියෙන් කෑගසා හඬන්නට වුවමනා වුවත් එය එසේ කළ නොහැකිව ඔහුගේ හදවතේ එම වේදනාව ඔහු සිරකර ගෙන සිටියත් දෑසින් කඳුලු බිඳු ගලා යනු වැළැක්වීමට ඔහු අපොහොසත් විය.

"එයා.. මේ සතියෙම හරි අමුතු..විදිහට..හැසිරුණේ. වෙනදට එයාව ඉස්කෝලෙට ගෙන්න ගන්න හරි අමාරුයි... ඒත් එයා මේ සතියේ හැමදාම..වගේ ආවා...වෙනදට මාව හැමතිස්සෙම තරහ ගස්සන එයා මේ සතිය පුරාවටම මගේ උරහිසට හේත්තු වෙලා ඔහේ හිටියා....සෙල්ලම් කරන වෙලාවටත් එයා ඔහේ බලාගත්තු අත බලාගෙන හිටියා..."

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now