CHAPTER 05⚖️

483 76 6
                                    

Taehyung ගේ සහ තම පියාගේ හමුව සම්බන්ධයෙන් නොසතුටින් සිටි Jungkook වාහනය රැගෙන ඔහු හිත නිදහස් නොවන සෑම විටකම යන කඳු මුදුන වෙත ගියේ තම තරහව පාලනය කරගෙන ඊළඟට කළ යුතු දේ පිළිබඳව සැලසුම් කිරීමටය. කඳු මුදුනට ගොස් වාහනය නතර කළ Jungkook වාහනයෙන් බැස ඉදිරියට ඇවිද ගියේ තම සුපුරුදු ස්ථානයට වී වාඩි වෙන්නටය. වසරකින් පමණ ඔහු මෙතනට පැමිණ නොතිබුණත් ඒ ස්ථානය තවමත් එසේමය. කන්ද මුදුනේ තිබූ ගල් තලාව මත හිඳ ගත් Jungkook ගැඹුරු හුස්මක් ගෙන ඒ සිසිල්  නැවුම් වාතයෙන් තම පෙනහළු පුරවා ගත්තේය. ඉන් පසු සෙමින් මේ ගැටළුව විසඳන්නට පටන් ගත යුතු ආකාරය සිතන්නට විය. කොයි අතින් බැලුවත් Taehyung සැක සහිත විය. ඔහු එදින G අකුර ඉවත් කරන්නට කියූ ආකාරය, තමාව මේ mission එකෙන් ඉවත් කෙරූ ආකාරය පිළිබඳව සිතන්නට සිතන්නට Jungkookට Taehyung ව සැක සහිත ලෙස පෙනුනි. එමෙන් ම Taehyung මේ mission එකේ විස්තර Jungkookගේ අතට නොයවන ලෙස Yoongi, Hoseok දෙදෙනාටද පවසා තිබුණි. එය පවසා තිබුණාට වඩා අණ දී තිබුණා කියා පවසන්නේ නම් වඩාත් යැයි උචිත වන්නේ Yoongi Hoseok දෙදෙනා කුමන ලෙසකින්වත් ඒ තොරතුරු Jungkookට ලබා දිය නොහැකි බව පැවසීමත් සමඟයි.

මෙසේ මේ ගැටළුව නිරාකරණය කරන්නට Jungkook ගල් තලාව මත සිට එපිට බලා සිටින අතරේ කිසිවෙකු හෝ ඔහුගේ එහා පසින් ඇවිත් වාඩි වූයේ Jungkook ගේ අවධානය ඔහු වෙත යොමු කරගනිමිනි. Jungkook දෙස එක්වරක් පමණක් බලා ඉදිරිපස බලා ගත් ඔහු ඈතින් පෙනෙන ගොඩනැගිලි, ගස් දෙස බලමින් ම Jungkookට කතා කරන්නට විය.

"විසඳන්න බැරි දේවල් ජීවිතේට ආවාම හොඳ ම දේ හිත නිදහස් කරගන්න එක."

"ඔයා කවුද?"

"මම Bo Gum. Park Bo Gum. එතකොට මේ?"

"Jeon Jungkook. Nice to meet you Mr. Park"

"Nice to meet you too Mr. Jeon. You can call me Bo Gum. No need to be formal with me"

"ආහ්..හරි Bo Gum. You can call me Jungkook."

Jungkook ඔහු හා බොහෝ වේලාවක් කතා කරමින් සිටියේය. නමුත් ඔහු සහ Bo Gum දෙදෙනා තම රැකියාවන් මොනවාදැයි හුවමාරු කර නොගත්තෝය. සැබවින්ම ඔවුන්ට ඒ සඳහා සිහියක් නොතිබිණ. ඔවුන් ඒ තරම් ම සිටියේ ඔවුන් කතා කර සිටිමින් සිටි මාතෘකාවන්ට අවධානය යොමු කර ය. Jungkook හෝ Bo Gum යනු කවුරුන්දැයි නොදැන ඔවුන් දෙදෙනා හොඳ යහළුවන් වී තිබිණ. රාත්‍රිය එළඹෙන තුරුම ඔවුන් දෙදෙනා එක එක දෑ කතා කරමින් සිටියෝය. සමුගෙන යාමට මත්තෙන් එකිනෙකාගේ දුරකථනය අංක ද හුවමාරු කර ගත් ඔවුන් පිට ව ගියේ නැවත හමුවන පොරොන්දුව පිටය.

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now