CHAPTER 15⚖

183 35 6
                                    

පසුදින උදෑසනම G ව සොයා ගැනීමේ අති විශේෂ මෙහෙයුම Jungkookගේ සැකකාර ලයිස්තුවේ උඩින්ම සිටි Taehyungගෙන් ආරම්භ කිරීමට සිතුවේය. Taehyung හා උණුසුම් රැයක් ගත කලත් තමන්ගේ වූ අධික මත් බාවය හේතුවෙන් සහ උවමනාවෙන් Taehyung ගේ පිට පෙදෙස දෙස නොබැලීම හේතුවෙනුත් Taehyung තම සැකකාර ලැයිස්තුවෙන් ඉවත් කිරීමට හැකියාවක් Jungkook හට නොවිය. එහෙයින් උදෑසනම හොඳින් හෝ නරකින් හෝ Taehyung ගේ උරහිසේ tattoo එකක් තිබේදැයි බැලීමට ඔහු ඉටා ගත්තේය. නිවුණු වතුරෙන් කොපි එකක් සාදා ගත් Jungkook කෙලින්ම Taehyung ගේ කැබින් එකට ගියේ මවාගත් සිනහවකින් මුව සරසාගෙන ය. Taehyung ගේ කැබින් එකේ දොරට එක වරක් තට්ටු කර 'සර් මම Jungkook' කීමෙන් පමණක්ම ඔහුට සැනකින් දොර විවර කරන්නට අවසර Taehyung ලබා දුන්නේ ඔහු සතුව තිබු අලංකාරම සිනහව Jungkook ගේ පැමිණීම හේතුවෙන් විකසිත වෙද්දීය. Jungkookගේ මවා ගත් සිනහව හා සසඳන විට Taehyung ගේ අව්‍යාජ සිනහව මිල කල නොහැකි තරමේ එකක් විය.

"Jungkook," Taehyung, Jungkook දෙස බලා  සිනාසුනේය. ඔහුගේ අව්‍යාජ සිනහව ඉදිරියේ තරමක පරාජයක් හිමි වූ Jungkookගේ ව්‍යාජ සිනහව අතුරුදහන් වන්නට සැරසෙද්දී Jungkook මහත් වෙහෙසක් දරා එය රැක ගැනීමට සමත් විය. තම සිනහව සම්පුර්ණයෙන් පරාජය වී ඔහුගේ සැලසුම් හෙළිවීමට මත්තෙන් තම සැලසුම ඉක්මනින් ක්‍රියාත්මක කර Taehyung G ද එසේත් නැතිනම් හුදෙක් Taehyungම පමණක් ද යන්න තහවුරු කරගැනීමට Jungkookට අවශ්‍ය විය.

"සර් මම කෝපි එකක් ගෙනාවා," කියමින් Jungkook Taehyung ගේ මේසය අසළට ආවේය. "මෙතන ඉඩ නැනේ මන් පිටිපස්සේ තියන මේසෙන් මේක තියන්නම්"

Jungkook සෙමින් Taehyungගේ පසුපසට ඇදෙද්දී තවමත් නොමැකුණු සිනහවෙන් ම Taehyung ඔහුගේ හඬ අවදි කළේය.

"ඔයාට මව තාමත් විශ්වාස නැහැ නේද Jungkook?" සිනහව තවමත් ඔහුගේ මුවඟේ රැඳී තිබුනත් පැහැදිලිවම ඒ කට හඬේ වේදනාවක් තැවරී තිබුණි.

"සර්? මට තේරුනේ නැහැ"

"කෝපි එක මගේ පිටේ හලලා මගේ uniform එක විනාස කරන්න ඕනේ නැහැ. ඉන්න මන් මේක ගලවල පෙන්නන්නම්"

Jungkookගේ දෙනෙත් පුදුමයෙන් විශාල වුණේ Taehyung තමන්ගේ සැලැස්ම කල් තියාම දැනගත් ආකාරය ගැන සිතා ගත නොහැකිවය. සැබවින්ම සිදුව තිබුනේ Jay Gගේ tattoo එක පිළිබඳව Jungkook හට පවසනු Taehyung දැක තිබීමයි. එය කෙසේ වෙතත් Taehyungගේ හඬේ වූ වේදනාව Jungkookගේ හදවතේ සියුම් තැනක් රිදවුයේ ඔහුගේ ව්‍යාජ සිනහව මුවෙන් අතුරුදහන් කරවමිනි. ඒ සමගම ඔහුට ඇති වූ පසුතවිමේ හැඟීම වලක්වන්නට ඔහුට නොහැකි විය. එහෙයින් එම හැඟීම සමගින්ම Taehyungගේ නිරුවත් පිට පෙදෙස දෙසට තම නිරීක්ෂණ දෑස යොමු කළේ විවෘත මනසකින් යුක්තවය. කොතරම් බැලුවත් එහි G යනුවෙන් සඳහන් ව තිබූ tattoo එකක් නොවිය. tattoo එකක් ආවරණය කර තිබු බවට සාක්ෂියක් ද නොවීය. එහෙයින් Jungkookගේ සැකකාර ලැයිස්තුවේ ප්‍රධාන සැකකරු එසේ නිදොස් කොට නිදහස් කෙරිණ. නමුත් ඉන්පසු Jungkook අතිශයින්ම නිශ්ශබ්ද විය. පසුතැවීම යන හැඟීම ඔහුගේ මනස ආක්‍රමණය කර තිබුණි. ඒ හැඟීමට අමතරව දහසක් ගැටළු ඔහුගේ මනසේ තිබුණි. ඒවා නිසා ඔහු ඉබේටම වගේ නිහඬ විය.

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now