CHAPTER 08⚖️

282 48 20
                                    

"හලෝ??"

"Jungkook!! මේ මම Hoseok, ඉක්මනට ඉස්කෝලේ ගාවට එන්න...Boemgyu ඇවිල්ලා"

එය සවන් වැකුණු විගස Jungkook වාහනය නැවත හරවා ගෙන හැකි ඉක්මනින් Boemgyu ගේ පාසලට අසළට ගියේය. ඔහු එහි යන විටත් එතනට බොහෝ පිරිසක් රැස්ව සිටියෝය. සෙනඟ අතරින් Jungkook Boemgyu සොයා ගියේ Boemgyu ට කිසිවක් සිදු වී නොතිබේවායි ප්‍රාර්ථනා කරමින්.

G ගේ දැඩි විරෝධය මත වුවත් ඔහුගේ සහයකයා Boemgyu ව නිදහස් කර හැරියේය. නමුත් වෛරයෙන් අන්ධ වී සිටි G, Boemgyu හට තම අත වූ syringe එකෙන් බෙහෙත විදින්නට පටන් ගත්තේය. යන්තමින් බෙහෙතේ කොටසක් පමණක් Boemgyu ගේ ශරීරයට ඇතුළු වෙමින් තිබියදී ඔහුව බේරා ගැනීමට ඒ සහායකයා සමත් විය. Boemgyu ට එතනින් පැන යන්නට G ව වළකා ගෙන සිටි ඒ සහායකයා Boemgyu ට පැන යන්නට ඉඩ දෙන ලෙස ඔවුන්ගේ පිරිසට අණ දුන්නේය. ලද අවසරයෙන් එතනින් පැන ගත් Boemgyu දුව ගියේ Taehyun අසළටය. මඟ යන අතරමඟ දී ම ශරීරය දුර්වල වීම නිසා කිහිප විටක්ම Boemgyu බිම ඇද වැටුණත් කෙසේ හෝ Taehyun ව සොයා පාසලේ පිට්ටනිය වෙතට දුවගෙන යන්නට Boemgyu සමත් විය. කෙසේ වුවත් Boemgyu එතනට යනවිට ඔහුගේ ශරීරය විෂ වර්ගය විසින් සම්පූර්ණයෙන්ම පාහේ ආක්‍රමණය කර තිබූ අතර ඉන් එහාට එකඳු පයක් හෝ තැබීමට Boemgyu ට හැකියාවක් නොවීය. Taehyun Boemgyu කෙසේ හෝ පැමිණේවී යන ප්‍රාර්ථනය ද කැටි ව පිට්ටනියට පැමිණි මොහොතේ පිට්ටනිය මත වැතරී තමා දෙසට දෑත අපහසුවෙන් දිගු කරන Boemgyu දුටුවේය. Boemgyu සිටි දෙසට විදුලි වේගයෙන් දිව ගිය Taehyun ඔහුව තම දෑතට මැදි කර ගත්තේ Boemgyu ගේ මුවින් ගලා යන රුහිරු තම පාසල් නිල ඇඳුමද තෙත් කරද්දීය.

"Gyu!! අනේ ඔයාට මොකක්ද මේ වුණේ?? කවුරුත් නැද්ද!!! කවුරුහරි ambulance එකකට කතා කරන්න!!!" Taehyun ගේ ශබ්දය ඇසී බොහෝ දෙනා එතනට එක් රොක් විය. Boemgyu ව සොයා ගත නොහී තැන ඝාතකයන් ඔහුව පණ පිටින් හෝ නොමැතිව පාසලේ පිට්ටනියට ගෙනවිත් දමාවි යන අදහස ඇතිව Taehyung ඇතුළු කණ්ඩායම ද පාසලට පැමිණ තිබුණි. Taehyun ගේ ශබ්දය ඇසී දුව ආ පිරිස අතර පොලිස් කණ්ඩායම ද විය. එමෙන් ම Boemgyu ගේ එකම සහෝදරයා Yeonjun ද එතන විය.

"Boemgyu!!!! මොකක්ද මේ වුණේ...ඇස් ඇරලා බලන්නකො..මේ අයියා ආවා Boemgyu...අනේ කවුරු හරි කතා කරන්න ambulance එකකට"

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now