CHAPTER 04⚖️

501 85 10
                                    

Boemgyuගේ අතුරුදහන් වීම දරාගත නොහැකිව Taehyun තද බල ලෙස මානසික කම්පනයකට ලක් වී සිටයේය. ඒ වනවිටත් Boemgyu අතුරුදහන් වී දින තුනක් ගත වී තිබුණත් ඔහු පිළිබඳ ව එකඳු හෝඩුවාවක් වත් සොයා ගත නොහැකි වීම සම්බන්ධයෙන් Taehyun සිටියේ විශාල තරහකින් සහ දුකකිනි. කිසිවෙකුට ඔහුගේ හිත හදන්නට පුළුවන් වූයේ නැත. කිසිම දෙයක් Boemgyu නැති අඩුව පුරවන්නට සමත් වූයේ නැත. Boemgyu අතුරුදහන් වී තුන්වෙනි දිනයේ සන්ධ්‍යා හෝරාවක Taehyun තම කාමරයෙන් පිටත බැල්කනියේ තිබූ පුටුවක වාඩි වී අතීතය ආවර්ජනය කරන්නට විය.
.
.
.

Taehyun අලුත් පන්තිය තුළට ගියේ ඔහුගේ මිතුරා Felix ද සිටින්නේ ඒ පන්තියේම බැවින් විශාල උද්යෝගයකිනි. ඔහු Felix සිටි මේසය අසළට යන විට ඊට පිටුපසින් වාඩි වී සිටි බෙයාර් කෙනෙකුගේ මෙන් පෙනුමක් තිබූ පිරිමි ළමයෙකු සමඟ Felix සිටියේ බර කතාවක.

"අහෙම්.." Taehyun Felix ගේ අවධානය ගන්නට උගුර පෑදුවේය.

"ආ...Taehyun නේ මේ...මෙතනින් ඉඳගන්න..." Felix තමාගේ වම්පසින් වූ මේසය පෙන්වා කීවේය. "මේ ඉන්නේ මගේ යාලුවා Taehyun. Taehyun මේ මගේ යාලුවා Boemgyu"

"Hi Taehyun" Boemgyu අත වැනීය.

"Hii"

එලෙසින් මුල් හමුවීම සිදුවූ ඔවුන් දෙදෙනාගේ කතාවේ පිටු පෙරලෙන්නට වූයේ සෑම අලුත් පරිච්ඡේදයකම ආකර්ෂණීය අන්තර්ගතයක් ලියැවෙමින් ය. ටිකෙන් ටික යාලුකමක් බවට හැරවුණු Taegyu සම්බන්ධය කාලය ගත වත්ම ආදරයකට පෙරලුනේ ඔවුන්ගේ හදවත් ඔවුනොවුන් වෙතම බැඳෙමිනි. යන්තම් වයස දහ අටක් වූ Taegyu දෙදෙනාගේ ආදරය වයසට වඩා පරිණත බවක් ගත්තේ Taehyun Boemgyu ව වඩා පරිණත බාවයෙන් යුක්ත වූ නිසාය.

වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම බෙයාර් කෙනෙක් වූ Boemgyu කෙරේ කාගේ හෝ හිත තත්පරයකට පමණ හෝ ඇදී නොගියේ නම් ඔහු මනුෂ්‍යයෙක් විය නොහැකිය. Boemgyu ඒ තරම් සුරතල් අයෙක් විය. Taehyun Boemgyu සුරතල් ගති ගුණ බොහෝ සෙයින් ආදරය කළේය. වගක් නොමැති සේ සෑමවිටම හැසිරුණත් Boemgyu එසේ නොවන බව දන්නේ Taehyun සහ Felix ම පමණකි. ගණන් ගන්නේ නැතැයි කියා සිතූවද Boemgyu තම ප්‍රියයන්ට ආදරය කරන තරම දැන සිටියේ ඒ අයම පමණකි. Boemgyu සැමටම අසීමාන්තික ව ප්‍රේම කළේය. නමුත් Taehyun ට Boemgyu ගෙන් වැළඳ ගැනීමක්, හාදුවක් ලබා ගැනීම ඉතා අපහසු විය.

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now