CHAPTER 01⚖️

897 119 23
                                    

නිල් පැහැති පොලිස් නිල ඇඳුමට ඔහු බොහෝ කඩවසම් ව පෙනුනි. කුඩා කළ ඇති වූ ආසාවක් නොවුණත් අද ඔහු නිල් පැහැති ඒ නිල ඇඳුම හැඳ සිටින්නේය. කුමන හේතුවක් මත වුවද ඔහු දැන් පොලිස් නිලධාරියෙකි. ඔහු මේ නිල් පැහැ නිල ඇඳුම හැඳ යන්නේ  Seoul  පොලිස් ස්ථානයට ය. ඒ ඔහුගේ පත්වීම ගත් පළමු දිනයයි. Seoul පොලිස් ස්ථානයට තරමක් එහායින් තිබූ  කොරියාවේ ඉහළතම පාසල වූ Joongdong පාසලේ පිරිමි ළමුන් කිහිප දෙනෙක් ඒ අසළ ක්‍රීඩා කරනු දුටු නව පත්වීම ලද පොලිස් නිලධාරියා තම ගමන නතර කර ඔවුන් දෙස බලා සිටියේය. තමාට අහිමි විය ගිය ළමා කාලය ඔවුන් ක්‍රීඩා කරනු දැකීමෙන් යළි සිහිවීම ඔහුට නතර කළ නොහැකි විය. ක්‍රීඩා කරමින් සිටි ළමුන් දෙස බලා සිටින විට ඔහුට ඒ අසළම බැම්මක් මත හිඳ ගෙන බබල් ගම් එකක් පුම්බමින් යාළුවන් දෙස බලා සිටින පිරිමි ළමයෙකු නෙත ගැටුණි. පොලිස් නිලධාරියා ඔහු අසළට නොගොස් ඔහු දෙසම බලා සිටියේය. ඒ තරුණ දරුවාද ඒ නිලධාරියා දෙස බලා සිටියේය. මද වේලාවක් ඔහු දෙස බලා සිටි ඒ පොලිස් නිලධාරියා තම රාජකාරී සඳහා පිටව ගියේය.

පොලිස් ස්ථානය ඉදිරිපිට මද වේලාවක් සිට ගත් ඒ නවක නිලධාරියා හොඳ හුස්මක් ගෙන දකුණු පය පෙරට තබා පොලිස් ස්ථානයට ඇතුලු වූයේ පුහුණු විද්‍යාලයේ මෙන් කරදරකාර රතිඤ්ඤා නිලධාරීන් හමු නොවේවා යැයි අයදිමිනි.

"සර් අලුත් officer ඇවිල්ලා" Min Yoongi ඈනුම් අරිමින් Deputy cheif වෙත නවක නිලධාරියා පැමිණි බව වාර්තා කළේය. නමුදු Deputy chief නොවේ මදකටවත් හිස ඔසවා නවකයා දෙස බැලුවේ. Yoongi හිසින් ඒ නවකයාට ඇතුළට යන ලෙස පවසා නැවත ගියේය.

"තමුන්ගේ නම?"

"Jeon Jungkook, සර්"

"ම්ම්..අද ඉදන් තමුන් අපේ ටීම් එකේ. හරියට වැඩ කරන්න ඕන. රාජකාරි අකුරට ඕන. අනිත් වෙලාවට තමුසේ ඕන මඟුලක් කරගත්තට මට කමක් නෑ" තවමත් ෆයිල් තොගයෙන් හිස අහකට නොගත් ඒ deputy chief Jungkook ට අණ කළේය.

"තේරුණා සර්! එතකොට මේ සර්ගේ නම..."

මෙතෙක් වේලා ෆයිල් දෙස බලා සිටි deputy chief හිස ඔසවා Jungkook දෙස බැලුවේය. නමුත් ආදරයෙන් නම් නොවේ. Jungkook ව දවා හළු කරන බැල්මක් හෙලන අතරේ තමයි ඔහු හිස එසෙව්වේ. ඔහුගේ රෞද්‍ර බැල්ම හේතුවෙන් Jungkook  ඉබේටම අඩියක් පසුපසට වුණි.

𝕯𝖊𝖒𝖎𝖘𝖊 𝖓𝖔𝖙𝖊⚖️ [TK] ✔️Where stories live. Discover now