CHAPTER 04 ʕ •́؈•̀ ₎

582 186 96
                                    

........................................................................................................................................................................................................................

ගෙදර එද්දි හයට විතර ඇති..
වොශ් එකක් දාගෙන ශෝටකට බැහැලා

සාලේ සැටියෙන් පොඩ්ඩක් දිගෑරුනා..
ඒ අස්සේ
ඇහෙනවා කුස්සිය පැත්තේ කුටුකුටුව...




ඔයා දෙන්න...







මට බෑ..
ඔයා ගෙනාවනම් ඔයා දෙන්න..







මන් ගෙනාවේ ඔයා ගේන්න කීව නිසානේ.. ඔයා දෙන්න..







ඔයාගේ මල්ලිනේ ඔයා දෙන්න..







රෝස්....






අක්කයි අයියයි දෙන්නා..
නැන්දා ගෙදර නෑ වගේ... සාමාන්‍යයෙන් නැන්දා ඉන්න වෙලාවට අක්කට අයියා ලග ඉන්න තරම් කාලයක් නෑ...

කප්පරක් බරට වැඩ...

මට කියලා වෙනසක් නෑ ඉතින්... නැන්දා මට කුඩම්මාගේ සැලකිලි..

සැටියෙන් නැගිටලා ගිහින් හොම්බ දැම්මා කුස්සියේ දොරෙන් ඇතුලට



(( අනේ මේ දෙන්නගෙ ආලේ මෙන්න කුස්සිය මුල්ලේ .. ))

මන් එනවා දැක්කා
විතරයි කට්ට කයිරාටික ජින් අයියා මොකක්දෝ පාර්සලයක් හංගගත්තා පිටිපස්සට කරලා..

පුහ්ඃ
මන් ඉල්ලයි කියලද දන්නෑ..

මටෝන්නෑ... මල ජරාව







මන් ආවේ වතුර බොන්න..







සද්දෙට කීවා..
නැත්තම් හිතයි මන් හොර ගල් අහුලන්න ආවා කියලා..

කොට අඩි තිය තිය ෆිල්ටරේට ලං වෙලා..
හා හා පුරා කියලා කෝප්පේ ඇල්ලුවට
වතුර නෑ යකෝ..

ඉවර වෙලා...

ෆිල්ටරේට පහලින් බිම ගෝනි කෑලි ටිකක් එලලා වතුර බූලි තුන..
කෙලවරේම බූලිය නමලා ජෝගුවකට පුරෝගත්තා පිරෙන්නම වතුර එකක්..

උගුරක් දෙකක් බොද්දිම ඇති..
තිබහකට බීවැයි..







මේ චූටි...







ඉතුරු වතුර ටික ෆිල්ටරේට නමලා ජෝගුව තියද්දි අක්කා කතා කරනවා..





❦︎ 𝗧𝗢𝗠 𝗔𝗡𝗗 𝗝𝗘𝗥𝗥𝗬 ❦︎ ||ᵒⁿᵍᵒⁱⁿᵍOnde as histórias ganham vida. Descobre agora