ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟺 🥀

Start from the beginning
                                    

ඒ පපුව උඩින් ඔලුව තිබ්බාටත් වඩා වේගෙන් එතනින් ඔලුව අහකට කර ගත්ත ටේහියුන්ග් තමන්ගේ ඇස් වලින් වැටුන කඳුලු බිඳු නිසා පෙඟිලා ගියපු කම්මුල් ටීශර්ට් එකේ කොලරයෙන් පිහිද ගත්තා...

ජන්කුක්ගේ පපුවේ හරි මැද්දේ රැදිලා තිබ්බ තමන්ගේ කඳුලු ටිකත් අතින් පිහිදුව ටේහියුන්ග් ඒ ඇඟිලි එහෙමම පහට ගෙනාවේ මේඩ් කලින් කරන්න ගිය රාජකාරිය ඉක්මනින් අවසන් කරන්නයි....

නමුත් ටේහියුන්ග්ගේ ඇඟිලි ජන්කුක්ගේ බොක්සර් එකේ වාටිය අල්ල ගන්නත් ප්‍රථම ගිහින් නැවතුනේ ජන්කුක්ගේ යටි බඩේ වම් පැත්තේ එක තැනක....

ටේහියුන්ගේ සංවේදි ඇඟිලි තුඩු වලට එතන තිබ්බ යමක් දැනුනා....

ටේහියුන්ග් ඒ දේ පටන් ගන්න තැනේ ඉදන් අවසානේට වෙනකන්ම ඇඟිලි හෙමින් ගෙනියලා ජන්කුක්ගේ මුහුන ලඟ නතර කරලා තිබ්බ ඇස් දෙක එහෙමම ඒ යටි බඩ ලඟට ගෙනාවා...

ඔව් , නොදැක උනාත් ටේහියුන්ග් දන්නවා ඒ මොකක්ද කියලා...

කොහොමද ටේහියුන්ග් ඒක නොහඳුනන්නේ...ඒ දේ ඒ විදිහට ජන්කුක්ගේ යටි බඩේ හිටින්න ප්‍රධාම හේතුව තමන් වෙද්දි....

ජන්කුක්ගේ යටි බඩේ පැත්තක තරමක් විශාල තුවාල පැල්ලමක් තිබ්බා....ඒ තුවාලේ දැන්නම් සම්පුර්ණයෙන්ම හොඳ වෙලා තිබුනාත් එතන විශාල කැලලක් ඇති වෙලා තිබ්බේ ජන්කුක්ට ඒ තුවාලේ සිද්ද උන විදිහ තව අවුරුදු ගනනක් යනකන්ම අමතක නොකරවන්න හදනවා වගේ...

ටේහියුන්ග් ඒ කැලල උඩ තමන්ගේ මහපට ඇඟිල්ල හෙමීට ගෙනියද්දි ඒ කැලල ටිකක් ඇතුලට එබුනේ වෙලා තිබ්බ තුවාලේ ගැඹුරු එකක් බව ටේහියුන්ග්ට පහදලා...

නමුත් පුදුමෙකට වගේ ටේහියුන්ග් ඒ ගැනත් දැනගෙන හිටියා...

~

ඉර එලිය වැදිලා දිලිසුන කිනිසි තුඩ තමයි ටේහියුන්ග් ඒ මොහොතේ දැක්ක අවසානම දේ....

ඒත් තප්පර කිහිපයකින් ඒ දිලිසුන කිනිස්සම හරි ඉක්මනින් ලේ පැහැයට හැරිලා ගියා....

ටේහියුන්ගේ ඇඟ හොලවන්නවත් බැරි තරමටම කවුරු හරි තදින් තුරුලු කරගෙන ඉද්දි ටේහියුන්ග් ඔලුව උස්සලා ඉස්සරහා තිබ්බ සුදු පාට කනුව දිහා බලාගෙනම ලේ බිංදු බිමට වැටෙමින් තිබුන කිනිස්ස ආයේමත් උඩට ඉස්සුවා....

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Where stories live. Discover now