ᴄʜᴀᴘᴛᴇʀ 𝟷𝟺 🥀

Beginne am Anfang
                                    

මේඩ් කාමරේන් එලියට ගිහින් දොර වහනකන්ම ජන්කුක් දිහා බලාගෙන හිටිය ටේහියුන්ග් දොර මහ සද්දෙන් වැහෙනවාත් එක්කම ඒ පැත්තට ඔලුව හරවලා බලන ගමන් ජන්කුක් නිසොල්මන්ව ඉන්න ඇඳේම කොනකින් වාඩි උනා...

තප්පර කිහිපයක් නිදහසේම උඩ පහල යන ජන්කුක්ගේ නිරුවත් පපුව දිහා බැලුව ටේහියුන්ග් වැඩි වේලාවක් නොගෙනම තමන්ගේ දිගු ඇඟිලි ඒ කැරලි ගැසුනු කොණ්ඩය අතරින් යවමින් නලලට වැටුන කොණ්ඩ කෑලී කිහිපය එතනින් අයින් කරා...

දාඩිය නිසා තෙත් උන ජන්කුක්ගේ කොණ්ඩේ සයිඩ් එකට කරන ගමන් ටේහියුන්ග් ඊලඟට ඒ අතම ජන්කුක්ගේ මුහුනේ පැත්තක ඉදන් පහල පපුව ලඟට වෙනකන් හෙමින් අරගෙන ආවා....

ටේහියුන්ග් ජන්කුක්ගෙ පපුවේ වම් පැත්තෙන් අත තියලා ඒ උඩ තමන්ගේ අල්ල තද කරා...ජන්කුක්ගේ හදවතේ හැම තප්පරේම සිද්ද වෙන්න ඒ ස්පන්දය ටේහියුන්ග්ගේ අල්ල මතට හොඳින් දැනුනා...

ඒ ටේහියුන්ග් මේ ලෝකේ අහන්න ආස කරපූ ,විදින්න ලෝබ කරපූ රිද්මයයි....

ටේහියුන්ග්ට නැවතත් , ඒ තාලේකට ගැහෙන රිද්මය විදගන්න අවස්ථාවක් ලැබිලා....

ඉබේම වගේ යටි හිත අයේත් තරුණ කාලේට දුවද්දි පුරුද්දට මෙන් ටේහියුන්ග් තමන්ගේ ඔලුව ඒ උණුසුම් පපුව මතට බර කරා....

ටේහියුන්ග්ට එදා දැනුන හැඟීමම අදත් , මේ දැනුත් ඒ විදිහටම නොවෙනස්ව දැනෙන්න උනා...

නමුත් ඒ හැඟීම් එදා වගේම අදත් ගොලුයි...පොදි බැඳගෙන හදවතේ ඇතුලේ ගොඩ ගැහුනාත් ඒ හිත් ඇතුලේ තනි රැක්ක හැඟීම් අද වෙනකනුත් වචන විදිහට පෙරලන්න ටේහියුන්ග් වගේම ජන්කුක්ද අපොහොසත් උනා....

ජන්කුක්ගේ හදවත ස්පන්දනය වෙන වාරයක් වාරයක් පාසා ටේහියුන්ග්ට දැනුනේ ඒ හදවත තමන් තුල ගැහෙනවා වගේ....

මහ කාලයක් නොගෙන හැමදාමත් වගේ ඒ උණුසුම ඇතුලේ සේරම බර නිදහස් කරන්න සූදානම් උන ටේහියුන්ග් තමන්ගේ ඇස් කොණේ එකතු උන කඳුලු බිංදු කිහිපයට නිදහසේම ජන්කුක්ගේ පපුව උඩට වැටෙන්න අවසර දුන්නා....

නමුත් ටේහියුන්ග්ට තියෙන කාලය සීමිතයි...

මේ වෙච්ච දේ ටේහියුන්ග් පමණක් දැනගෙන හිටියාම හොඳටම ඇති...

𝐋𝐨𝐯𝐞 𝐨𝐫 𝐡𝐚𝐭𝐞  🥀 (Completed ✅) Wo Geschichten leben. Entdecke jetzt