𝔈𝔭𝔦𝔰𝔬𝔡𝔢 10. (Flashback)

210 17 67
                                    

කතාව මතක නැති අය කළින් චැප්ප ආපහු කියවල එන්නෝ...😁👆

--------------------

"ඒක නෙවෙයි ජන්ග්කුකී..."

ටේහ්‍යුන්ග් එකපාරටම කතාව වෙනත් පැත්තකට හැරෙව්වෙ ජන්ග්කුක්ගෙ අවධානෙ වෙනස් කරමින්.

"මේ සැරේ කාගෙ ගෙදරද අපේ මීටින් එක තියන්නෙ?"

"ඔයා දන්නෙ නැද්ද ටේටේ? අපි ඊයෙ ඒක ගැන කතා වුණේ?"

හිස ඔසවල බලපු ජන්ග්කුක් පුදුමයෙන් වගේ අහද්දි ටේහ්‍යුන්ග් හිස දෙපසට සෙලෙව්වෙ ඔහු ඒක ගැන දන්නෙ නෑ කියන්න.

"මම ඊයෙ ඉස්කෝලෙ ආවෙ නෑනෙ මෝඩ ජන්ග්කුකී. ඔයාගෙන්ම තමයි නෝට්ස් ටිකත් ඉල්ල ගත්තෙ. මතක නැද්ද ආ?"

ටේහ්‍යුන්ගෙ හඬේ තැවරිලා තිබ්බෙ අමනාපයක්. ඇස් රවුම් කරගෙන තමන් දිහාවට මොට්ට බැල්මක් දාගෙන ඉන්න තමන්ගෙ හොඳම යාළුවගෙ නළලට අත මිටිමොළවල ඔහු ඇන්නෙත් ඒ අමනාපයෙන්මයි.

"ආවුහ්! රිදුනා ටේටේ..."

අත්දෙකෙන්ම නළල බදා ගත්ත ජන්ග්කුක් කෙඳිරි ගාද්දි ටේහ්‍යුන්ග් ඔහු දෙස රවා බැලුවා.

"රිදෙන්න තමයි ගැහුවෙ. මොන සිහියෙන්ද ඇත්තටම ඔයා ඉන්නෙ ජන්ග්කුක්?"

"හරි හරී. සුට්ටක් අමතක වුණා ඉතිම්."

ජන්ග්කුක් කිව්වෙ තොල් නොපිට පෙරළගෙන.

"හොඳ චුට්ට. ඊයෙ වෙච්ච දේ අද මතක නෑ. තව ටික දවසකින් කියයිද දන්නෑ මාවත් මතක නෑ කියල?"

ටේහ්‍යුන්ග් විහිලුවෙන් වගේ කිව්වත් තමන් ඒ කියපු දේ ගැන ඔහු ඊළඟ මොහොතෙම පසුතැවුනෙ බලාගෙන ඉද්දි බෙරි වෙලා ගියපු ජන්ග්කුක්ගෙ මූණ දකිනකොට. දැන් ඒ මූණ තැලිච්ච කෙසෙල් ගෙඩියක් වගේ.

"අයියෝ බූරු ටේහ්‍යුන්ග්! තමුසෙ වැඩේ නා ගත්තා."

ටේහ්‍යුන්ග් තමන්ටම බැන ගත්තෙ නළලෙ අත ගහගන්න ගමන්. දැන් ඉතින් ඊළඟට සිද්ධ වෙන්නෙ මොකද්ද කියල ඔහු අත්දැකීමෙන්ම දන්නව.

"අනේ...! මං එහෙම කරන්නෙ නෑ ටේටේ..."

හිතුව වගේම ඊළඟ තත්පරේ තොල් බෙරි කර ගත්තු ජන්ග්කුක් නහයෙන් අඬන්න පටන් ගත්තෙ ටේහ්‍යුන්ග්ට කරකියාගන්න දෙයක් නැතුව යද්දි.

𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Where stories live. Discover now