𝔈𝔭𝔦𝔰𝔬𝔡𝔢 5.

121 21 55
                                    

ජන්ග්කුක් හිටියෙ සතුටින්. සතුටු සමාජයේ හොඳම දවස අද වෙන්න ඇති කියල ඔහුට හිතුනා. කාමරය පුරාම නෙත් යවමින් ඔහු කල්පනා කළේ හැමෝම තමන්ගෙ කතාවට කැමති වුණ එක කොච්චර හොඳ දෙයක්ද කියල. ඒත් ඒ සිතුවිල්ල වැරදි අදහසක් කියල සුළු මොහොතකින් ඔහුට වැටහුණා. ඒ ඔවුන් වෙත කිසිම අවධානයක් නොදී පැත්තකට වෙලා කල්පනා කර කර හිටපු කෙනාව දැක්කහම.

"ජිමිනා..."

ජන්ග්කුක් කතා කළත් ජිමින්ට ඒක ඇසුණු බවක් පෙනුනෙ නෑ. කවදාවත් නැති විදිහට කාමරයේ මුල්ලක ගුලි වෙලා ජිමින් පුදුමාකාර නිහැඬියාවක ගිලිලා හිටියා. මෙච්චර වෙලා කණ්ඩායමේ අය කරපු කිසිම කතාබහකට ජිමින් සම්බන්ධ වුණේ නෑ නේද කියල ජන්ග්කුක්ට මතක් වුණේ ඒ වෙලාවෙ. ඔහුගෙ හිතට දැනුණෙ පුදුමයක්.

"ජිමිනා...ඒයි...හලෝ..."

ජන්ග්කුක් ආයෙමත් කතා කළේ පෙරට වඩා උස් හඬින්. ඒත් ජිමින්ගෙන් කිසිම ප්‍රතිචාරයක් ලැබුණෙ නෑ. ඔහු හිටියෙ වෙනම ලෝකෙක වගේ. මේ වෙද්දි අනිත් අයගෙ අවධානෙත් ජන්ග්කුක් සහ ජිමින් වෙත යොමු වෙලා තිබුණා.

"ඒයි කොටෝ...! තාරාවෝ..!! පාත්තයෝඕඕ....!!!"

ඊළඟ වතාවෙදි ජන්ග්කුක්ගෙ කටින් පිට වුණේ ජිමින් අහන්න අකමැතිම වචන ගොඩක්. මේ සැරේවත් ජිමින් තමන්ට අවධානෙ යොමු කරයි කියල ජන්ග්කුක් හිතුවා. හිතුවා වගේම ඒ නම් ටික ඇහුණු ගමන් ඔලුව උස්සල බැලුව ජිමින් ජන්ග්කුක් දිහාවට හෙලුවෙ ඔහුව පිච්චිලා අළු වෙන තරම් බැල්මක්.

 හිතුවා වගේම ඒ නම් ටික ඇහුණු ගමන් ඔලුව උස්සල බැලුව ජිමින් ජන්ග්කුක් දිහාවට හෙලුවෙ ඔහුව පිච්චිලා අළු වෙන තරම් බැල්මක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්ග්කුක් පත්වුණේ හරිම ගැටලුකාරී තත්වයකට. ජිමින්ගෙ මේ අමුතු හැසිරීමට හේතුව ඔහුට හිතා ගන්න බැරි වුණා. ඔහු අනිත් අය දිහා බැලුවෙ උදව්වක් බලාපොරොත්තුවෙන්. කොහොම හරි අන්තිමට ටේහ්‍යුන්ග් ජන්ග්කුක්ට උදව් කරන්න ඉදිරිපත් වුණා.

𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Where stories live. Discover now