𝔈𝔭𝔦𝔰𝔬𝔡𝔢 3.

104 18 22
                                    

එකවරම තියුණු යමක් ගෙලෙහි තැවරෙන කොට ජිමින් තිගැස්සුණා. ගෙලෙහි තැවරුණු දෙයෙහි සීතල බවක් මෙන්ම තියුණු බවක්ද තිබුණා. මේ සියල්ල සිදු වුණේ ඇහිපිල්ලමක් ගහන පරක්කුවෙන්.

එක්වරම සිදු වූ දෙය කුමක්ද කියල ජිමින්ට වැටහුණේ නෑ. ඔහුගෙ දෑස් විශාල වී සිරුර ගිනියම් වී ගියා. ඒ සමගම ඔහුට තද අසනීප ගතියක් දැනෙන්නට පටන් ගත්තා. මොහොතකින් තම ගෙල පෙදෙසින් තියුණු වේදනාවක් නැගෙද්දි දෙපා වාරු නැතිවුණු ඔහු පාර මැද දණින් වැටුණා.

එක් ක්ෂණයකින් ඉහමොළ සිසාරා මරණ බිය පැතිරෙද්දි ඔහුගෙ මුවින් පිට වුණේ එකම වදනයි.

.

.

.

.

.

.

.

.

.

"කවුරු හරි මගෙ බෙල්ල කැපුවා!!!"

.

.

.

.

.

.

.


.............................................................................................




පොත් බෑගය පසෙකට විසි වී පදික වේදිකාව මත පතිත වුණා. ඒ සමගම ඉබේටම විවෘත වූ එය තුළ තිබූ දෑ පිටතට විසි වී ගොස් පදික වේදිකාව පුරාම විසිරුණා.

"අනේ...කවුරු හරි මාව බේරගන්න...ආ...හ් මං මැරෙන්නයි යන්නෙ..."

එසේ කෑ ගැසීමට ජිමින්ට අවශ්‍ය වුණා. නමුත් ඔහුගේ මුවින් කිසිඳු හඬක් පිටවුණේ නෑ. ඒ වෙනුවට උගුරෙන් නිකුත් වුණේ අමිහිරි ගොර ගොර හඬක් පමණයි.

කැපුණු ගෙලෙන් ගලා ගිය රුධිරයෙන් ඒ අවට බිම තෙත් වෙද්දි ජිමින් හුස්ම අල්ලා ගත නොහැකිව දඟලන්නට පටන් ගත්තා. දෑස් වල පෙනීම ක්‍රමයෙන් බොඳ වී යද්දි තමාට උපකාරයට ගත හැකි යමක් සොයමින් අඳුරේ අතපත ගෑ ජිමින්ගෙ අතට හසු වුණේ එක් දෙයක් පමණයි.


ඒ ජින්ගෙන් උදුර ගත්තු පැන්සල!

ඒ ජින්ගෙන් උදුර ගත්තු පැන්සල!

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.








හලෝ....😁👋

අද කොටස කොහොමද ළමයි?

ජිමින් පව් නේත? 😦💔

වෝට් කරම්න, කමෙන්ට් කරම්න...🙃❤️

𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Where stories live. Discover now