𝔈𝔭𝔦𝔰𝔬𝔡𝔢 6.

108 20 29
                                    

"හොඳයි ලීසා...,මගෙ ලබන සතියෙ කතාව ඔයා ගැන වෙන්නත් පුළුවන්. එහෙම වුණොත් ඒ කතාවෙදි තුවාල වෙලා පන ඇද ඇද මැරෙන්නෙ ලීසා කියල කෙනෙක්. තේරුණාද?"

ජන්ග්කුක් නපුරු හඬකින් කිව්වත් ලීසා ඒකට බය වුණු පාටක් පෙනුණෙ නෑ. ඒ වෙනුවට ඇය කළේ ඔච්වමට වගේ කට ඇද කරමින් ජන්ග්කුක්ට සිනාසුණ එක.

"අපෝ ඒ වගේ මාරක කතාවක් ඔයා තනියෙන් ලිව්වොත් අර කනත්ත පාරෙ මැරිච්ච මිනී වලෙන් නැගිටල එයි."

ඒ විහිලුවට ජිමින් ඇරෙන්න අනිත් හැමෝම හිනාවුණා. ජිමින් විතරක් බුම්මගත්තු මූණෙන් පුටුවෙන් නැගිටල අලස විදිහට දෙඅත් විහිදුවල හයියෙන් ඈනුමක් පිට කළේ අනිත් අය පුදුමයෙන් ඔහු දෙස බලද්දි.

"ජිමිනා...මොකද ඔයාට වෙලා තියෙන්නෙ? ඔයා අද හරි වෙනස්."

ජින් කණස්සලු හඬකින් ඇහුවෙ තමන්ගෙ හොඳම යාළුවා ගැන වද වෙමින්. ජිමින් කියන්නෙ හැම වෙලාවෙම හිනා වෙලා ඉන්න විනෝදකාමී කොල්ලෙක්. ඒ වගේම ජිමින් විහිලු තහලු වලට කැමති කෙනෙක්. ඉතින් ඔහු අද මෙහෙම හැසිරෙන්නෙ ඇයි කියන එක ජින්ට වගේම අනිත් අයටත් ප්‍රශ්නයක් වුණා.

ජින්ගෙ ප්‍රශ්නෙට පිළිතුරක් නොදුන්න ජිමින් හැරුණෙ ජන්ග්කුක් දිහාවට.

"අනිත් අයටත් ඔයාට වගේම හැඟීම් ඇතිවෙනව කියන එක හොඳට මතක තියා ගන්න. ඒක මතක තියාගෙන ඔයා ලියන ඕනෙම කතාවක් ලියන්න."

ජන්ග්කුක්ගෙ මූණ රතු වුණා. සියුම් ලැජ්ජාවක් හිතට දැනෙද්දි ඔහු වහාම කාමරේ ඇතුළෙ ඉන්න අනිත් අයගෙ මුහුණු දිහා බැලුවා. ඔවුනුත් ජන්ග්කුක්ගෙ ප්‍රතිචාරය මොකද්ද කියල දැනගන්න වගේ ඔහු දිහාවටම නෙත් හෙලා ගෙන ඉන්නව දකින කොට ජන්ග්කුක්ගෙ හිතට කිසියම් අපහසුතාවයක් දැනෙන්න පටන් ගත්තෙ ඉබේටම වගේ.

"මගේ කතාවලට මම කැමති අයගෙ නම්, ගම් දානවා."

ඔහු කිව්වෙ එක එල්ලේම ජිමින්ගෙ මුහුණ දෙස බලමින්.

"කාගෙ නම් දැම්මත් මට කමක් නෑ. මට ඒ ගැන ප්‍රශ්නයක් නෑ. ඒත් මගෙ නම නම් කිසිම කතාවකට දාන්න එපා."

ජිමින් පැවසුවෙ කෝපයෙන්.

"ඔයාගෙ නමයි ලීසගෙ නමයි දෙකම දානවා."

𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Opowieści tętniące życiem. Odkryj je teraz