𝔈𝔭𝔦𝔰𝔬𝔡𝔢 2.

147 23 31
                                    

"බහිනවා මගෙ ගෙදරින් එළියට!!!"

ජින් යටිගිරියෙන් කෑ ගහද්දි ජිමින් වචනයක්වත් නොකියා තම පොත් බෑගයට තෙමුණු පොත් කිහිපය දමා ගත්තා. අනතුරුව ඔහු ජින්ගෙ ගෙදරින් පිටතට පිය නැගුවෙ ජින්ගෙන් උදුරාගත් පැන්සලද ආපසු නොදෙමින්. ඒ පැන්සල උරහිසේ එල්ලගෙන හිටපු පොත් බෑගයටම ඔබාගත්තු ඔහු පාරට බැහැල ගමන් කරන්න පටන් ගත්තා.

ඔහුට ඒතරම් දුරක් ඇවිද යාමට තිබුණෙ නෑ. ජින්ගෙ ගෙදර ඉඳල ඔහුගෙ ගෙදරට තිබ්බෙ විනාඩි දහයකින් විතර ඇවිදගෙන යන්න පුලුවන් තරමෙ කෙටි දුරක්. ඒත් යන්තම් හවස් වෙනකොටම ඒ මාර්ගය පුරාවටම ඝන අන්ධකාරයක් පැතිරිලා යනවා. ඒ නිසාම අඳුරු වැටුණට පස්සෙ ගමේ කිසිම කෙනෙක් කනත්ත මාවත දිගේ තනියම ගමන් කරන්නෙ නෑ. ඒත් අද ජිමින්ට කළුවරේම ඒ පාරෙ යන්න සිද්ධ වෙලා. ඒකත් තට්ට තනියම. ආපහු හැරිල ජින්ගෙ ගෙදරට දුවල යන්න කිහිපවරක්ම හිතුනත් ජින්ගෙ තරහින් රතු වුණ මූන මතක් වෙද්දි ජිමින් නිකම්ම පසුබැස්සා. අහන්න දෙයක් නෑ. ආපහු සැරයක් ගියොත් ජින් අනිවාරෙන්ම ඔහුව එළවන්නෙ කොස්සෙන් ගහල.

"කමෝන් ජිමින්! ඔයා එළ කොල්ලෙක්නෙ. මොකටද බය වෙන්නෙ. හොල්මන් කියල දෙයක් මේ ලෝකෙ නෑ. නෑ කියන්නෙ නෑම තමයි"

තමාගෙ හිතටම තරවටු කර ගත්තු ජිමින් ඉස්සරහට අඩිය තිබ්බෙ හිතට ධෛර්යය අරගෙන.

හමායන මද සුළග සිහින් කෙදිරිල්ලක් නගන්නාක් මෙන් ගහකොළ අතර දැවටෙමින් තිබුණා. හිටි හැටියේම පරිසරය පුරා පැතිර ගියේ ගත හිරිගඩු නංවන අන්දමේ තියුණු සීතලක්. ඈතින් ගමේ පැරණි පල්ලියේ ඝණ්ඨාරය හතයි තිහේ කණිසම නාද කරනවාත් සමගම විශාල කළු පැහැති පොරවනයක් වැනි වළාකුළකින් එතෙක් අහසේ මුදුන්ව තිබූ සද පළුවද වැසී ගියා.

වේගයෙන් ගැහෙන හදවතින් කනත්ත මාවතේ පිහිටි සොහොන් පිටිය අසළට ළඟාවුණු ජිමින්ට ඒ දෙස බැලුණෙ ඉබේටම. පැරණි සොහොන් පිට්ටනියෙ තැනින් තැන අපිළිවෙලට සිටුවා තිබුණු නැවුණු ඇදවුණු සොහොන් කොත් දිස් වුණේ අතරින් පතර පිහිටි විකෘති දත් සමූහයක් වගේ.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Where stories live. Discover now