𝔈𝔭𝔦𝔰𝔬𝔡𝔢 9. (Flashback)

135 20 50
                                    

Flashback

ඒ මාර්තු මාසෙ අග සිකුරාදා දවසක, උණුසුම් දහවලක්. මේ ජුන්ග්දොන් සෝල් උසස් පාසලේ සිසුන්ගෙ විවේක කාලය. ඈත පිට්ටනියෙ ළමයි සෙල්ලම් කරන දිහා මල් පිපුණු සකුරා ගහක් යට ඉඳගෙන ජන්ග්කුක් බලාගෙන හිටියෙ පොතකුත් අතේ තියාගෙන. රෝස පාට සකුරා මල් හුළඟ නිසා වරින් වර ගහෙන් ගිලිහිලා පාවෙලා ඇවිත් බිමට පතිත වුණේ ගහ යට හිටපු ජන්ග්කුක්වත් වහගෙන. ඒක හරිම ලස්සන දර්ශනයක් වුණා. හරියටම කිව්වොත් මල් වලින් නෑවිලා හිටපු ජන්ග්කුක්ව ඈත ඉඳන් බලන කෙනෙක්ට පෙනුනෙ මල් වලින් වැහිල ඉන්න පුංචි හා පැටියෙක් වගේ.

ඒත් ඉතින් ජන්ග්කුක්ට නම් ඒ ගැන කිසිම ගානක් තිබුණෙ නෑ. මොකද ඔහු හිටියෙ ලොකුම ලොකු වැඩක.

කතාවක් ගොතාගන්න ජන්ග්කුක් උත්සහ කරන්නෙ දැන් සෑහෙන වෙලාවක ඉඳන්. ඒත් තවම ඒ උත්සාහය හරි ගියපු පාටක් නම් පෙනුනෙ නෑ. පෑන හප හප ටික වෙලාවක් කල්පනා කරපු ජන්ග්කුක් ඊටපස්සෙ සටහන් පොතේ මොනව හරි කුරුටු ගෑවෙ තොල් දෙක උල් කරගෙන. ඊට පස්සෙ ටික වෙලාවක් ඒ ලියපු වාක්‍ය ටික දිහා බලාගෙන හිටපු ඔහු සැනෙකින් ඒ ටික කපල දැම්මා.

"මේ වැඩේ හරියන්නෙ නෑ."

ඊට පස්සෙ ඔහු තමන්ටම මුමුණ ගත්තෙ බෙරි කරගත්තු මූණෙන්.

ඊට පස්සෙ ඔහු තමන්ටම මුමුණ ගත්තෙ බෙරි කරගත්තු මූණෙන්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ජන්ග්කුකියාආආආ"

ඒත් එක්කම පුරුදු හඬක් ඈතින් ඇහෙනකොට කල්පනා ලෝකෙ බිඳිල ගියපු ජන්ග්කුක් පොතෙන් ඔලුව උස්සල බලනකොටම දැක්කෙ ඈත ඉඳන් ඔහු දිහාවට දුවගෙන එන ඔහුගෙ හොඳම යාළුවා, ටේහ්‍යුන්ග්. ටේහ්‍යුන්ව දකිද්දි මෙච්චර වෙලාවක් මැලවිලා තිබුණු ජන්ග්කුක්ගෙ මූණෙ ලොකු හිනාවක් ඇඳුනෙ ඉබේටමයි. ඒ තරු ඇස් සතුටින් දිළිසුණා.

𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Where stories live. Discover now