𝔈𝔭𝔦𝔰𝔬𝔡𝔢 7.

98 17 41
                                    

කාමරය ඇතුළෙ හිටපු හැම කෙනාම භීතියෙන් කෑ මොර දෙමින් අසුන් වලින් නැගිටින හැටි ජන්ග්කුක්ට පෙනුණා. ඔහු පිහිය ඉහළට ඔසවා පෙන්නුවෙ දිළිසෙන තියුණු තුඩ හැමෝටම පේන විදිහට. ඉන්පසු එක්වරම ඔහු උස් හඬින් සිනාසෙන්නට පටන් ගත්තා.

"ඔයාල සේරම රැවටුණා...!"

හිනාවෙන අතරම ඔහු සතුටින් කෑ ගැසුවා.

කාමරය පුරාවටම 'සූස්' හඬක් පැතිරිලා යද්දි අත් දෙකෙන්ම පපුව බදාගෙන බිම වැටිල හිටපු ජිමින් මදක් හිස නමලා තමන්ගෙ ඇඳුමෙ පපු පෙදෙස දිහා බැලුවෙ වේගයෙන් හුස්ම ඉහළ පහළ හෙළන ගමන්. එහි එකම එක ලේ පැල්ලමක්වත් තිබුණෙ නෑ.

"ඒයි...!!!"

ඔහු බෙරිහන් දුන්නා. ඒ පුදුමයට පත් වෙලා නෙවෙයි. අතිශයින්ම කෝපයට පත් වෙලා.

ඒ වෙනකොටත් තනියම හිනැහෙමින් හිටපු ජන්ග්කුක් පිහි තුඩ එක්වරම තමන්ගෙ අත්ලට තියල තද කර ගත්තා. බලාගෙන හිටපු අය පුදුමයට පත් කරමින් පිහි තුඩ ජන්ග්කුක්ගෙ අත්ල සිදුරු කරගෙන කිඳා බහිනවා වෙනුවට මිට තුළටම තල්ලු වී නොපෙනී ගියා.

ඒයි...! ඒක මැජික් පිහියක්.

යොන්ජුන් කෑ ගැහුවා.

ආයෙමත් වතාවක් පිහිය උස්සලා බොත්තම ඔබල පිහිතලය එළියට ගත්තු ජන්ග්කුක් එය තමන්ගෙම පපුවට තියල තෙරප ගත්තා. ඒ සැරෙත් පිහිතලය මිට ඇතුළට තල්ලු වෙලා ගියා.

" මේ පිහියෙ තියෙන විශේෂත්වය තමයි පිහිතලේ යන්තම් මොකක හරි වැදුණු ගමන් ආපහු පිහි මිට ඇතුළට යන එක. අද හවස මම මේක ගත්තෙ ටවුන් එකේ තිබුණ ගිෆ්ට් ෂොප් එකකින්. චිත්‍රපටි වල පිහි ඇනුම් දර්ශන වලට ගන්නෙ මේ වර්ගෙ පිහිලු."

ජන්ග්කුක් පැහැදිලි කරනකොට අනිත් අයගෙ කටවල් බාගෙට ඇරුණා.

"කතාව කියල ඕගොල්ලො බය වුණාට පස්සෙ තව ටිකක් බය කරන්න හිතාගෙන තමයි මං මේක ගෙනාවෙ. හිතුවා වගේම ඕගොල්ලො හොඳට රැවටුණා. ඒ වගේම බයත් වුණා."

ජන්ග්කුක් කිව්වෙ හිනා වෙවී.

"තමුසෙ මහ එපා කරපු එකෙක් ජන්ග්කුක්!"

𝚃𝚑𝚎 𝚝𝚑𝚛𝚒𝚕𝚕 𝚌𝚕𝚞𝚋 [𝑇𝑎𝑒𝑘𝑜𝑜𝑘] 🩸🔨Where stories live. Discover now