රෝද හිල් වුන වාහනයෙන් එලියට බැස්ස පුද්ගලයා යම් පුද්ගලයෙක් සමග කතාකරනවා ගහ උඩට වෙලා දගයා බලන් හිටියෙ ඇස් පුංචි කරගනිමින්..හදිසි අමුත්තන් කරන කතාබහ හරියටම පැහැදිලිව ඇහෙන් නැති නිසා කන් උල් කරගනිමින් හිස පහලට නවපු දගයා ගහේ අත්ත මතින් පහලට එල්ලෙමින් ඔවුන් මොනවද කතාකරන්නෙ කියලා අහගන්න උත්සහ කලා..




"සර්..."

වාහනය තුල ඉදගෙන ඉන්න පුද්ගලයගෙන් පිලිතුරක් නොලැබෙද්දි නැවත වරක් රියදුරා ඔහුට කතාකරන්න උත්සහ කලා..නමුත් රියදුරාගෙ කතාවට බාද කරමින් වාහනය තුල ඉදගෙන ඉන්න යමෙක් ඔහුගෙ මුහුන ඉදිරියට අත දික් කලා.. වාහනය තුල ඉදන් ඉන්නෙ කවුරු වුනත් ඔහු බොහොම ධනවත් පවුලකට අයිති යමෙක්. එලියට දික් කරපු අතේ පැලදන් ඉන්න රත්තරන් ආලේපිත ඔරලෝසුවෙන්ම් ඒ බව මනාව ඔප්පු වෙනවා.

අඩි කිහිපයක් පසුපසට වෙමින් වාහනය වෙත හිස නවපු රියදුරා ඉදිරියට අත දික් කරමින් වාහනයෙ දොර හැරියා..

තද කලු පැහැති වාහනෙ දොර ඇරෙද්දි ඒ වාහනය පිටුපසිනුත් ඉදිරියෙනුත් නතර වෙලා තියන අනෙක් වාහන වල දොරවලුත් පිලිවෙලට එකම මොහොතෙ විවර වුනා..විවර වුන වාහන තුලින් කලු පැහැති නිල ඇදුම් ඇදගත්ත හැඩිදැඩි සද්දන්තයන් එලියට බහින්න ගත්තෙ ගහ උඩට වෙලා ඉන්න දගයා හරිම පුදුමෙන් මේ දිහා බලන් ඉද්දි..

රැවුල් අජුස්සි කිවුව කතන්දර වල වගේමයි..නොදැනීම පුංචි හුරතලාගෙ තොල් අගින් හුරතල් හිනාවක් පිටවුනෙ පුංචි හීනයක් ඇත්ත වුනාක් මෙන් සතුටක් ඒ හිතට දැනෙද්දි..පුංචි හිත කුතුහලයෙන් පිරිලා ගිහිල්ලා..

අනෙක් වාහන වලින් එලියට බැස්ස කලුහැදගත් සද්දන්තයින් නිසා විශේශ වාහනයෙන් එලියට බැස්ස තැනැත්තව දගයට තවමත් හරියට පෙනුනෙ නැහැ.. කුතුහලෙ පුංචි හිත වහගනිද්දි තව තව අත්තෙ කෙලවරටම ලං වුන දගයා ඔහුට නොපෙනෙන මේ තැනැත්තාගෙ මුහුන බලාගන්න උත්සහ කලා.පුංචි ඇස් ලොකු කරගනිමින් ගහ උඩට වෙලා එබිකම් කරන දගයාව තවත් ඇස් දෙකක දර්ශන පථයට අහුවුනෙත් මේ මොහොතෙම වගෙයි..


Stolen Love Hikayelerin yaşadığı yer. Şimdi keşfedin