chapter 30

62 10 0
                                    

යුන්ගි තමන්ගෙ සහෝදරයගෙ බය නැතිවෙන්න කුකීගාවින්ම හිටියත් ඒදෙන්නම දැනන් හිටියෙ නෑ මේවෙනකොටත් kitchen එක ගිනිගන්නවා කියලා.තට්ටු දෙකකින් සමන්විත ගෙදර kitchen එක තිබ්බෙ පල්ලෙහ මහලේ.ඒවගෙම දෙවන මහලෙ kitchen එකට උඩින් පිහිටල තිබ්බෙ කුකීගේ කාමරේ.
ගෙදරින් එලිය වවල තියන මල් වැල වැවී තිබුනේ kitchen එකේ සිට දෙවන මහල වන කුකීගෙ කාමරය වෙනකම්. Kitchen එකෙන් පටන් ගත්ත ගින්න කෙමෙන් කෙමෙන් වර්දනය උනා.කෙමෙන් කෙමෙන් වැඩිවෙන ගින්න kitchen එකේ බිත්තිය ආදාර කරගෙන වැවී තියෙන මල් වැල ඔස්සෙ හෙමෙන් හෙමෙන් උඩට ඇදුනේ කුකීගෙ කාමරය ගාවට.

මේ වෙනකොට kitchen එක ගිනිගන්නව කියල නොදන්න යුන්ගි kitchen එකට ආවෙ වතුර බොන්න.ගිනිගන්න කුස්සිය දැකපු සුගා ගොඩක් බයවුනා. Kitchen එකක් සම්පුර්ණයෙන් ගිනිගන්නකොට අවුරුදු 10 යේ පොඩි ලමයෙක් බයෙන් ගැහෙනවා හැර වෙන මොනවා කරන්නද. අවුරුදු 10 යේ පුන්චි කොල්ලෙක්ට පුලුවන්ද ගිනිබත් වෙමින් පවතින් කුස්සියේ ගිනන්න නිවා දන්න.ගිනිගන්න kitchen එක දැකපු සුගා බයටම කදුලු අවේ ඒවෙලාවෙ කරන්නෙ මොකක්ද කියලවත් ඒ පොඩි ලමයට තේරුමක් නොතිබුන නිසා.සුගා දැක්ක kitchen එක එලියෙනුත් ගින්න පැතිරිලා තියන විදිය.සුගාට ඒත් එක්කම මතක් උනේ එයාගෙ පුන්චි මල්ලිව.

වතුර බොන්න කුස්සියට ගිය තමන්ගෙ හියුන් තාම ආවෙ නැත්තෙ ඇයි කියල බලන්න කුකීත් kitchen එක පැත්තට ගියා.ගිනිගන්න කුස්සිය දැකපු කුකී බයටම එයාගෙ හියුන්ව බදාගත්තෙ යුන්ගිත් ආපිට කුකීව වැලදගනිද්දි.කුකී බයටම අඩන්න ගත්තෙ පුන්චි යුන්ගිට කරකියාගන්න දෙයක් නැතිවෙද්දි.

Jk- හියුන් මට බයයි හියුන්. අපි මොකද කරන්නෙ හියුන්.

Sg - බය වෙන්න එපා කුකී ඔයා මෙතනම ඉන්න කොහෙවත් යන්න එපා හරිද.මම මොනාහරි කරන්නම්.

Jk- අනේ යන්න එපා හියුන්.please යන්න එපා.මට බයයි හියුන්.

Sg - මම ඉක්මනින්ම එන්නම් ඔයා ඔතනම ඉන්න.බයවෙන්න එප හියුන් ඉන්නව ඔයත් එක්ක හරිද.

කුකීව සනසපු චූටි යුන්ගි ගියේ ගෙදර ප්‍රදාන දොර ගාවට. ප්‍රදාන දොර ගාවට අපු යුන්ගි දොර අරින්න කොච්චර උත්සහ කලත් එය අසාර්තක උනේ mr min සහ mrs min ගෙදරින් යනකොට දොර අගුලු දාල ගියන නිසා. කොච්චර උත්සහ කලත් ගෙදරින් එලියට යන්න බැරි බවත් තමන් සහ තමන්ගෙ සහෝදරය ගිනිගන්න ගෙදර ඇතුලෙ හිර වෙලා බවත් දැනගත්ත යුන්ගි තවත් අසරන උනේ කරන්නෙ මොකද්ද කියල ඒ පුන්චි මනසට කිසිම වැටහීමක් නැති වෙද්දි.

My Little Brother Where stories live. Discover now