chapter 26

63 12 2
                                    


දෙන්නම හෙමින් හෙමින් ගෙදරට ගියා.යුන්ගි ගෙදර ගිහින් දොර ඇරියත් මුලු ගෙදරම කලුවර වෙලා තිබ්බා.ජින් හියුන් නම් මේ වෙලාවට ligth on කරල. වෙනදට ජූන්ගෙයි ජින්ගෙයි රන්ඩු ගෙදර දෝන්කාර දෙනවා. ඒත් අද හරිම නිශ්ශබ්දයි.යුන්ගිට පුදුම හිතුන. යුන්ගිගෙ පස්සෙන් හොබීත් ආවා. යුන්ගි හෙමින් සැරේ ගිහින් බිත්තියෙ තිබුනු ස්විච් එක ඔන් කලා.
මුලු ගෙදරම ලස්සනට සරසල තිබ්බ. ඒත් එක්කම කුකී ලස්සනට හිනාවෙල ලස්සන cake එකක් අරන් යුන්ගි ගාවට ආවා.යුන්ගිගෙ ඇස්වල කදුලු පිරුනා.සතුටටද.නෑ දුකට සහ තරහට. යුන්ගිගෙ ඇස් කේන්තියෙන් ඉතිරෙනවා.හොබී දැක්ක යුන්ගිට තරහටම එයාගෙ අත් වෙව්ලන්වා. හොබී මෙහෙම දෙයක් කොහෙත්ම බලාපොරොත්තු උනේ නෑ.ඒ වගේමමයි කුකීත්.

යුන්ගි කේන්තියෙන් කුකීගාවට ගියා.ඒත් කුකී එයාගෙ හියුන්ට දුන්න අහින්සක හිනාවනම් වෙනස් කලේ නෑ.එයාගෙ හියුන් කේන්තියෙන් ඉන්න නිසා කුකී බය වෙලා හිටියත් එයා එයගේ හියුන් ඉස්සරහ හරි ආදරනීය හිනාවක් සමග හිටගෙන හිටියා. යුන්ගි කුකීගාවට ආවම කුකී එයාගෙ හියුන්ට සුබ පැතුවා.

Jk- happy birthday හියුන් .

කුකී හිතුවෙ එයාගෙ හියුන් එයාව ආදරෙන් බදාගනී,එයාට ආදරෙන් කතාකරයි කියලා.ඒත් සිද්දවුනේ එයා කිසිසේත්ම බලාපොරොත්තු වුන දෙයක් නෙමේ.
සුගා කුකීගාවට ඇවිත් කුකීගෙ අතේ තිබ්බ cake එකට අතින් ගැහුවෙ කේක් එක කුකීගෙ අතින් ගිලිහිලා බිමට වැටෙද්දි. ඒත් එක්කම සුගා කුකීට සැර අතුල් පහරක් ගැසුවේ කුකී කම්මුල අල්ලන් බිම ඉන්දවෙද්දී. කුකීගෙ ඇස්වල් කදුලු පිරුනේ හිතේ තිබ්බ වේදනවට. කුකීව තබ සතේකට ගනන් ගත්තෙ නැති සුගා ආපහු කේන්තියෙන් කුකීගෙ ඇගැට කඩන් පැන්නා.කුකීගෙ shirt එකෙන් අල්ලගත්ත සුගා කුකීට හිතක් පපුවක් නැති විදිහට බයින්න ගත්තෙ කුකීගේ හැඩුම් අතරෙමයි.

Jk- හි....හියුන්.

Sg - නවත්තපන්.දැනවත් ඕක නවත්තපන් jungkook . ඇයි උබ මට මෙහෙම කරන්නෙ.ඇයි උබ මාව නොමර මරන්නෙ.උබ මම ආදරේ කරන හැමදේම උදුරගත්තා මදිද jungkook . මෙතන ඉන්න හැමෝටම වඩා උබයි මමයි මීට අවුරුදු 10 ට කලින් වෙච්ච දේ හොදින්ම දන්නව.ඒ දැන දැනත් ඇයි මට මෙහෙම කරන්නෙ උබ. මම උබට කරපු වැරද්ද මොකද්ද jungkook උබ මාව මෙච්චර රිද්දන්න.උබ හිතුවද අනිත් අය වගේ උබේ බොරු අහින්සක කමට මම අහුවෙයි කියලා.කවදාවත් නෑ මම උබගැන හොදට දන්නවා.උබා ආවෙ සීයගෙ දේපල වලට තියෙන කෑදර කමට. උබට මාව රවට්ටන්න බෑ.ඇයි උබ එදා මැරුනෙ නැත්තෙ.

කේන්තියෙන් කුකීට බැනපු සුගා කුකීව තල්ලුකලේ කුකී විසික් වෙලා බිම වැටෙද්දි.කුකී ගැන කිසිම තැකීමක් නොකරපු සුගා තරහෙන් තමන්ගෙ කාමරේ පැත්තට ගියා.

මේ වෙලාවෙ ටේ නම් හිටියෙ සුගත් එක්ක ගොඩක් තරහෙන්.මොක්කද කුකී සුගාත් එක්ක school යනකොට කුකී හැමතිස්සෙම කියන්නෙ එයාගෙ හියුන් ගැන.එයාගෙ හියුන් අරමයි එයාගෙ හියුන් මෙහෙමයි ගග හැමදාම සුගා ගැන ආදරෙන් කතාකරන කුකීට සුගා නරක විදියට සලකපු එකට ටේ හිටියෙ තරහින්.තරහෙන් හිටිය ටේ සුගාගෙ පස්සෙන් ගියා.සුගා කාමරේට ගිහින් දොරවහගන්න කලින් ටේත් කාමරේට ගිහින් දොර වගත්තා.

ඒත් එක්කම කුකී හයියෙන් අඩන්න ගත්තා.මේක දැකපු හොබී කුකීගාවට ගිහින් දන ගහගත්තා.ජින් නම් හිටියෙ මෙහෙම දෙයක් වෙයි කියල බලාපොරොත්තුවෙන් වගේ.හොබී කුකීගෙ කදුලු පිහිදාලා කතා කරන්න ගත්තා.

Jh- කුකී දුක් වෙන්න එපා. ඔයා දන්නවද කුකී සුගාගෙ ඔම්මයි අප්පයි ඒකියන්නෙ ඔයාගෙ ඔම්මයි අප්පයි නැතිඋනේ ඔයාගෙ හියුන්ගෙ උපන්දිනේ දවසෙ කුකී.

ඒක අහපු කුකීගෙ ඇඩිල්ල තවත් වැඩි උනා.

Jk- මොකක්.හියුන් මගේ හියුන්ට දුක හිතෙන්නැති නේද හියුන්.මම හොද සහෝදරයෙක් නෙමේ නේද හියුන්.මම කිසිම දෙයක් ගැන හිතන්නැතුව වැඩ කලේ.මගේ වැරැද්ද.මම හියුන්ගෙ සමාව ගන්නවා.

එහෙම කියපු කුකී එතනින් නැගිට්ටල යුන්ගිගෙ කාමරේ පැත්තට දුවන් ගියා.දුවන් ගියපු කුකීට ඇහුනෙ එයාගෙ හියුන්ගෙ කාමරේ ඇතුලෙ රන්ඩු වෙන සද්දයක්.කුකීට ඒ කටහඩවල් අදුන ගන්න වැඩි වෙලා ගියේ නෑ.එයා දැනගත්ත රන්ඩු වෙන්නෙ එයාගෙ හියුනුයි ටේයි.කුකී වෙන දේවල් හොරෙන් අහන් ඉන්න තීරනය කලා.එයාට දැනගන්න ඕන උනා එයාට අමතක වෙලා තිබ්බ ඒ අතීතය.ඒනිසා ඒකුකී දොර ගාවට වෙලා ඒදෙන්න අතර වෙන දේවල් අහන් ඉන්න තීරනය කලා.

..............................................................................................................................................................................................................

27 chapter එකෙන් හම්බවෙමු 😇
Saranhe 🖤💜️🖤💜️🖤
Bye

My Little Brother Where stories live. Discover now