ටේහ්‍යොන්ග් එහෙමම නැගිටලා හොස්පිටල් එක ඇතුලට ඇවිදගෙන ගියා.. ටේහ්‍යොන්ගේ පස්සෙන් පෝල් ඇවිදගෙන ආවා... ඈතට වෙලා මෙච්චර වෙලා ටේහ්‍යොන්ග් හැසිරුන විදිය පෝල් බලාගෙන හිටියේ කලකිරීමෙන් .. ටේහ්‍යොන්ගෙන් පෙනුන පෙනුම කොහෙත්ම ටේහ්‍යොන්ට ගැලපෙන පෙනුමක් නෙවෙයි , ඇදන් හිටපු ලා පාට ශර්ට් එකේ තාමත් ජන්කුක්ගේ වේලුන ලේ වලින් වැහිලා, මධ්‍යම රාත්‍රියත් පහු වෙලා තිබ්බත් තාමත් ඇදුම් මාරු කරන්න තියා ආපු වෙලාවෙ ඉදන් ටේහ්‍යොන්ග් හොස්පිටල් එකෙන් පිටට අඩියක්වත් තිබ්බේ නෑ...

"සර්ජරි එක ඉවරයි..."

මාක්ස් එක ගලවන ගමන් තියටර් එකෙන් එලියට ආව ඩොක්ටර් කියනකොට එවෙලෙම එතනට ආපු ටේහ්‍යොන්ග් ඩොක්ටර් ගාවට ඉක්මනට ඇවිදගෙන ගියා..

"කොහොමද කියන්න.. ජියෝන්ට.. ප්ලීස් ..."

අසරණ උන කටහඩකින් ටේහ්‍යොන්ග් අහනකොට ඩොක්ටර් ටේහ්‍යොන්ගේ උඩ ඉදන් පහලට බැලුවා...

"මිස්‍ටර්.. බෝයිගේ කවුද...?"

"ම.. මම එයාගෙ භාරකාරයා.. ඉක්මනට කියන්න මට..."

ටේහ්‍යොන්ග් ගොත ගහන් ගමන් ඉක්මනට කියනකොට ඩොක්ටර් මහන්සියෙන් හුස්මක් පාතට දැම්මා..

"අපි අපේ උපරිමය කරා... තාම එයාව බලන්නවත් මුකුත් කරන්න බෑ.. මොකද එයාගෙ තත්වේ ගොඩක් බරපතලයි... ලොකු රිස්ක් එකක ඉන්නේ , අපිට ශුවර් කරන්න බෑ... සිහිය එයිද කියලා අපිට බලාගෙන ඉන්න වෙනවා.."

ඩොකටර් කියනකොට ටේහ්‍යොන්ග් එහෙමම කොරිඩෝ එකේ බිත්තුයට හේත්තු උනේ ඔලුවටත් අතක් තියාගෙන..

" ම.. මම.. මො.. මොකක්ද මේ කරපු අපරාදේ..."

තනියෙන් තමන්ටම මුමුණගන්න ගමන් ටේහ්‍යොන්ග් හිටපු තැනින්ම බිමින් ඉදගත්තා..

"බොස්.. අපි දැන් යමු.. ඔය විදියට තව ඉන්න බෑනේ .. නැගිටින්න බොස්.."

පෝල් බිම ඉදන් හිටපු ටේහ්‍යොන්ග් ගාවට දුවගෙන ආවා.. ටේහ්‍යොන්ග් මේ තරම්ම මානසිකව වැටිලා ඉන්නවා පෝල් දැක්කමයි ... ලේ වලින් පෙගිච්ච ඇදුම් ඇදන් ඉන්න ටේහ්‍යොන්ග්ව පෝල් නැගිට්ටවන්න හැදුවත් පෝල්ගේ අත ගසලා දාපු ටේහ්‍යොන්ග් එතනින් නැගිටලා ICU බෙඩ් එකක නොපෙනෙන තරම් බට වයර් ගොඩකට යට වෙලා ඉන්න ජන්කුක් දිහා චූටි රවුම් වීදුරුවෙන් බලාගෙන හිටියා..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉTempat cerita menjadi hidup. Temukan sekarang