කොච්චර කෑ ගැහුවත් බිමම බලාගෙන හිටපු මනුස්සයා හින්ද නම්ජූන්ගේ තරහා තව වැඩි උන එක විතරයි උනේ.. නමාගෙන හිටපු දනහිසකින් ඉස්සෙන ගමන් පිටිපස්සෙ හිටපු මාක්ට නම්ජූන් අත දික් කරා.. ඒ පමාවට පිටිපස්සට කරන් හිටපු මහත දම්වැලක් අතරින් යවපු විප් එක ඉස්සරහට අරන් නම්ජූන්ගේ අතින් තිබ්බේ අර මනුස්සයා දිහා ඇස් කොනින් බලන ගමන්...

වැඩි වයසක් නැති කොල්ලෙක් උන පුද්ගලයා කිම් ෆැමිලි එකට බැදිලා තිබ්බේ අවුරුදු පහකට විතර කලින් ... අවේලාවෙ එලියට ගිහින් එනවා අහු වෙනවත් එක්කම චෙක් කරනකොට හම්බුන සාක්ෂිත් එක්ක ඒ මනුස්සයා අද මෙතනට ගෙනත් දාලා තිබ්බේ...

ඇතුලේ ඉන්නවානම් පෝන් පාවිච්චි කරන්න කොහෙත්ම අවසරයක් තිබ්බේ නෑ කාටවත්ම , හැබැයි දීලා තිබුන පොඩි කබඩ් එකේ හන්ගලා තිබ්බ පෝන් එක වගේම , ලග දවස් වලත් එක දිගට එකම නම්බරේකට කෝල් ගිහින් තිබුනා, මේ මනුස්සයා මෙතන ඉන්න ඒක හේතුවක් උනා..

අර මනුස්සයා වේදනාවෙන් කෑ ගහනකොට නම්ජූන් එක දිගට දම්වැලෙන් ගැහුවා.. එහෙමම දම්වැල බිමට අතෑරපු නම්ජූන් යකඩ දොරෙන් එලියට ආවා.. අරූ කතා කරවන එක බර දුන්න මාකුත් ඉක්මනට නම්ජූන් පස්සෙන් එලියට ආවා.. කාටවත් එන්න එපා කියලා අතින් කියපු නම්ජූන් තනියම වාහනේ අරන් එතනින් එලියට ආවා...

නම්ජූන්ට දැන් මේ ඔක්කොම හිසරදයක් වෙලා තිබ්බේ , නම්ජූන්ට පලිගන්න ඕනේ හැමදේම හම්බෙන ගමන් තිබ්බත් ඒකට හැකියාව සම්පූර්ණයෙන්ම ඇහිරිලා තිබ්බා.. තනියම වාහනේ අරන් යන එක කොච්චර අනාරක්ෂිත උනත් නම්ජූන්ට ඕනෙ තනියම කල්පනා කරන්න..

වේගෙන් වාහනේ සෙනූගේ නර්සරි එක පහු කරනකොට හුරුපුරුදු මූනත් දැක්ක හින්ද ස්ලෝ කරපු නම්ජූන් ආයෙමත් නර්සරි එක ගාවට රිවස් කරා.. හරියටම නර්සරි  එක ඉස්සරහ වාහනෙට හේත්තු වෙලා හිටගෙන හිටපු හෝසොක් ඉස්සරහින් නවත්තපු නම්ජූන් ග්ලාස් එක පොඩ්ඩක්  පාත් කරලා හෝසෝක් දිහා බැලුවා..

එක පාරටම තමන්ගේ ඉස්සරහින් නවත්තපු වාහනේ දිහා බලපු හෝසොක් දැක්කේ පොඩි හිසසින් එයා දිහා බලන් ඉන්න නම්ජූන්ව.. ආයෙත් වටපිට බලපු හෝසොක් හරියටම නම්ජූන්ද බැලුවේ , එයා මෙහෙම තනියම කොහෙවත් යයි කියලා හිතන්න බැරි හින්දා..

• 𝐏𝐀𝐈𝐍 𝐎𝐅 𝐋𝐎𝐕𝐄 • | 𝐓𝐚𝐞𝐊𝐨𝐨𝐤 | ᶜᵒᵐᵖˡᵉᵗᵉWhere stories live. Discover now