Shadow | 16

101 18 2
                                    

අපි දෙන්නා ආදරේ කළා.. ඒත් අපි ආදරේ කළේ දෙවිදිහකට..

පෙම්වතිය විදිහට ලාවන්‍යා මට මදි නොකියන්න ආදරේ දුන්නා.. මං ඒ ආදරේ වින්දා..

මාත් ලාවන්‍යාට දුන්නා ආදරේ.. හැබැයි ඒ යාලුවෙකුට එහා ගිය ඒත් පෙම්වතිය කියන බැම්මෙන් මෙහා තිබුණු ආදරයක්..

මුලින් ම ලාවන්‍යා මට ආදරෙයි කියලා කියද්දී මං ඒකට ආසා කළා.. මොකද පළවෙනි පාරටයි මට කෙනෙක් ආදරෙයි කීවේ..

එයා දුන්නු අවධානෙට මං ලෝබ වුණා..

ඒ අවධානේ,එයාගේ ළඟ මට තියෙන විශේෂ හැඟීමට මං අසීමාන්තිකව ආදරේ කළා..

අසීමාන්තික ඇල්ම මගේ යාළුකමට දුන්නු ආදරේ වෙනත් විදිහකට දෙන්න මාව පෙළඹෙව්වා..

අත් දැකීම් නැති පොඩි එකෙක් විදිහට ආසාව පස්සෙන් මං වැටිලා මාව ම මෝඩයා කරගෙන කියලා මට තේරුණේ හිතාගන්න බැරි තරමක් දුර ලාවන්‍යා ව අල්ලාගෙන ආවට පස්සෙයි..

කොස්ස මං කියලා තෙරෙද්දී මං පරක්කු වැඩියි..

මට ලාවන්‍යා ව දැනුණේ ගොඩක් සමීප අත් හරින්න බැරි ම කෙනෙක් විදිහට..

එයා මං ළඟ නැතිව වෙන කෙනෙක් එක්ක කතා කරද්දී පවා මගේ කම්මුල් රතු වෙන්නේ කේන්තියටමයි..

ළඟ නැති වුණා ම පාළුව තනිකම නොඅඩුව දැනුණා මට..

ඒත් මොහොතකට මං අමතක කළා යාලුවෝ යාලුවෝ ගැනත් මේ විදිහටම හොයලා බලනවා කියලා..

මට අමතක වුණා යාලුවෙක්ට තමන්ගේ යාළුවා වෙන කෙනෙක් එක්ක ඕනෑවට වඩා ඉද්දි තරහා යනවා කියලා..

යාළුවා ළඟ නැතිවම පාළු දැනෙනවා කියලා..

ඒත් මං ඒක කොහොම දැනගන්න ද ලාවන්‍යා තමයි මගේ පළවෙනි යාළුවා!

එයා ගැන දැනුණු යාළුකමේ හැගීම මං කවදාවත් විදලා තිබුණේ නෑ..

ඉතින් මං වරද්දගත්තා..

මං පැටලෙව්වා..

කාටවත්ම ලෙහන්න බැරි විදිහට මං හැමදේම පටලලා ඒ පැටලිල්ලේ මාවත් ඔතාගෙන ලාවන්‍යාත් ඔතාගත්තේ මගේ නොදැනුවත් කමට කිවොත්..

ඒක විහිළුවක්..

ඒත් ඇත්ත එකයි..

_________________________________________
00:16
24.10.22

©anti-social-cat

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Where stories live. Discover now