SHADOW | 14

129 35 15
                                    

'අද වැලන්ටයින් ඩේ එක සැක්‌ අපිට තමා චොකලට් එකක්වත් නැත්තේ ' මං මූණ අකුලන් කීවේ අනිත් අයට හම්බුණු එක එක තෑගී දකිද්දී මේවා බෑග් චෙක් කරද්දී අහු වුණේ නැති ඒකට සාප කරන ගමන්..

'ඔයාට ඕනෙනම් මන් අරන් දෙන්නම් '

'තමුන්?? යනවකෝ යන්න අර අවරුදු ගාණකට කලින් අරන් දෙනවා කිව මොනවත් අරන් දුන්නා ද.? අඩුම තරමේ තමුන් මාව කරේ තියාගෙන වටයක් එක්ක ගිහින් තියේද?'

'ඉතින් එනම් හොයා ගන්නවකෝ කරේ තියාගෙන යන එකෙක්ව..'

'හොයාගන්නවා තමා '
මං ඒම කියලා අනිත් පැත්ත බලාගත්තා.. ටික වෙලවකින් පස්සේ කව්රුහරි මගේ අතට අනිනවා මට දැනුණා නියපොතු වලින් .. ඒවා නිකන් ඉදිකටු වගේ. මං දන්නවා ඒ කාගේද කියලා..

'මොකද?'

'ඒ අපි යමුද ස්කොලේ ඔසු උයනට? '

'කම්මැලියි 'මං ඈනුමක් අරින ගමන් කීවේ මේ ගිණි ගහන අව්වේ මට ඇවිදින්න වුවමනාවක් නැති නිසා..

'මෙහෙට එනවකො මිනිහෝ 'එහෙම කියලා එයා මාව ඇදගෙන ගියා..

අපි ගියේ ඔසු උයනේ තිබුණු ලොකු කොහොඹ ගහ යට තිබුණු බෙන්ච් එකට.. මං එයාගේ බඩ උඩින් වෙනද වගේම ඔලුව තියාගත්තේ නිදාගන්න කියලා..

කොහොඹ ගහ ලගින් හමන හුළඟ හරිම සනීපයි. අපේ ස්කොලේ තනිකරම කොන්ක්‍රීට් ගොඩක්. ඉතින් මෙතනට ආපුහම පරිසරයේ තියෙන වෙනසට මං ගොඩක් කැමතියි. මං මුලින්ම එන්න බෑ කිවත් ආවට පස්සේ දැනෙන සහනය කියලා නිම කරන්න බෑ..

'නිෂ්..'

'නිෂ් '

'ඔයා නිදි ද? '

' මට ඇහෙනවා. ඔයා කියන්න '

'දෙයක් කියන්නම්.?'

' හුම් '

'මං ඔයාට කැමතියි.'

'මං දන්නවා '

'එහෙම නෙමෙයි මං කියන්නේ '

'මොකද්ද?'මට එයා කියන්න යන දේ තේරුණත් බැරිවෙලාවත් මං වැරදි වුණොත් කියලා දන්නේ නැති විදිහට මං එයාගෙන් ඇහුවා.

'මං ඔයාට ආදරෙයි '

' හා 'මං ඇස් දෙක පියාගෙනම එයාට උත්තරයක් දුන්නා..

'ඔයා ඇයි ඔහොම සාමාන්‍ය විදිහට ඉන්නේ.? ඔයා මට බනින්නේ නැද්ද?'

'ඉතින් ඔයා මට ආදරෙයි කියලා කීපාරක් කියලා තියෙයි ද? මං ඔයාට බැනලා නෑනේ.'

'නිෂ්.මං දන්නේ නෑ ඔයාට ඇත්තටම මං කියපු දේ තේරෙන්නේ නැද්ද කියලා ඒත් මං ලෙස්.'

'මොකද් ද?' මං එයාට ආදරේ කරන එක ඇත්ත වුණත් මං එයාගෙන් එහෙම දෙයක් බලාපොරොත්තු වුණේ නෑ..

'ඒක ඇත්ත.මං පිරිමි ළමයින්ට නෙමෙයි කැමති ගෑනු ළමයින්ට ' එයා කීවේ බිම බලාගෙන

'ඒකට කමක් නෑ.. ඒක වැරද්දක් නෙමෙයි ලාවන්‍යා '

'මං දන්නවා ඒක වැරද්දක් නෙමෙයි. ඒත් තමන්ගේ හොදම යාළුවට යාලුවෙක්ට වඩා එහාගිහින් ආදරේ කරන එක වැරද්දක් නේද?'

'ඔයා කියන්නේ..

'ඔව් නිෂ් මං ආදරෙයි. මං ආදරෙයි ඔයාට '

'අහම් 'මං එයාගේ මූණ දිහා බලාගෙන හිටියේ පුදුමෙන් ඇත්තටම මට සතුටුයි.. ඒත් මං එයාට ඇත්තටම ආදරෙයි ද? මට තාම හරියට හිතාගන්න බෑ.

'සමාවෙන්න. මං දන්නවා ඔයා මං ගැන එහෙම හිතන්නේ නෑ කියලා '

'සමාවගන්න ඕනේ නෑ මං ආදරෙයි ඔයාට.'

_________________________________
12.15
13.11.21

_Whalian_

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Where stories live. Discover now