මට ලස්සන මතකයට කියලා තිබුණේ ලාවන්‍යා මට ආදරෙයි කියපු දවස විතරයි.. මොකද අපි දෙන්නා හොඳම යාළුවා කියන පිම්මෙන් එහාට පැන්නේ ගොඩක් දේවල් වෙනස් කරන ගමන්..
අපි අත් අල්ලාගෙන ඇවිද්දා..
කෑම කන තැන් වලට ගියා..
මං ආසම නැති වතුර පිරුණු තැනකට ගිහින් ජබොක් ගාලා පැන්නා..
ඒත් එයා මං ආසම දේ කළේ නෑ..
මාව වඩා ගත්තේ නෑ..
මාව පිටිපස්සෙන් ඇවිත් බදා ගත්තේ නෑ..
ඒ දේවල් වලට මං ආසයි කියලා එයා දන්නේ නෑ.. මොකද මං කවදාවත් කීවේ නෑ.. මගේ අත් වලට දාඩිය දාන නිසා එයා මගේ අත අල්ලන හැම පාරම මං ගසා දැම්මත්, මං ආසයි එයා මගේ අතින් අල්ලාගෙන යද්දී.. මගේ අතේ වැලමිට අස්සෙන් එයාගේ අත දාගෙන යන එක තරම් ආස දෙයක් තවත් නැති තරම්..
අවරුදු ගානක් අපේ සම්බන්දෙ කාටත් හොරා අපි අරන් ගියා.. මං එයාව කවදාවත් නතර කරගන්න බැරි තරම් හැගීම් වලින් පිරෙව්වා..
විහිලු කළා..
හැමතිස්සෙම රණ්ඩු කළා..
මට වඩා කවුරුහරි ගැන කිවොත් පුම්බන් ඉන්න පුරුදු වුණා..
ඒත් හැමදෙයක් ම හොඳින් සිද්ද වෙනවා කියන්නේ එකේ කොහෙහරි කොස්සක් තියෙනවා කියන එකයි කියලා අපි දෙන්නටම තේරුම් ගන්න පරක්කු වුණා..මොකද මං එයාට තේරුම් ගන්න කාලයක් දුන්නෙත් නෑ මං තේරුම් ගන්න කාලයක් වැය කළෙත් නෑ..
_________________________________________
23:36
23.10.22©anti-social-cat
أنت تقرأ
𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]
قصص المراهقينo) This is an imagination o) All the characters in this story own by me o)Short Chapters Started - 5.11.21 Republished - 23.10.22 Finished - 23.10.22 anti-social-cat Previously _Whalian_