SHADOW | 8

119 36 6
                                    

කාලය ගෙවිලා ගියා.. අපි දැන් දහය වසරේ..

මං හිතන්නේ මේ අවුරුද්දට අපි අනන්ත වාරයක් රණ්ඩු වෙලා ඇති.

කොයි වෙලේ බැලුවත්, අපි දෙන්නා හොදම යාළුවෝ වුණත්, ගහගන්න වගේ ඉන්නේ ..

මං අකැමතිම වැඩේ තමා එයා මාව හූරන එක.බැරිවෙලාවත් අපි පන්තියේ උඩ පැන පැන ඉන්නකොට ප්‍රින්සිපල් එහෙම ආවොත් එදාට මගේ අත ඉවරයි..

මේ මනුස්සයා බය වුණාම මගේ අත හූරනවා..

කොච්චර එපා කිවත් එයා බය වුණු ගමන් මගේ අත ඉවරයි.. හම පතුරු යන්නම හූරනවා..

මං පව් කියලා මට ම හිතෙනවා..

ඒත් ඊටපස්සේ ඇයි මං විතරක් තනියම දුක් විදින්නේ කියලා හිතලා මාත් එයාගේ අත හූරනවා..

එතකොට සමානයි.

මං ගොඩක් වෙලාවට එයාගේ බඩේ ඔලුව තියාගෙන ඉන්නවා.. ඇත්තටම හරිම සනීපයි. පහසුයි..

එයා මට කීවා මං ඔලුව තියාගෙන ඉන්න තැනට කියන්නේ බඩ නෙමෙයි උකුල කියලා..

හරි ඉතින් මොකක් හ‍රි.

__________________________________________
23.39
5.11.21

_Whalian_

𝐒𝐇𝐀𝐃𝐎𝐖 || Short Story [ 𝙻𝚎𝚜𝚋𝚒𝚊𝚗 √ ]Where stories live. Discover now