OTP

jungkook: හලෝ හනී..මොකෝ පරක්කු වුනේ

taehyung : හායි හබී..සොරී මන් චිමී එක්ක කෝල් එකක හිටියෙ

jungkook: ඕහ් බේබි මන් ගත්තෙ වැදගත් දෙයක් කියන්න,මේක අහල තරහ වෙන්න බෑ හොදද

taehyung : කියනවකො බලන්න..පස්සෙ බැරියෑ තරහ වෙන්න

jungkook: ආහ් ම්ම් මේකයි මේ..

ජන්ග්කුක් ගොත ගහන විදිහෙන්ම ටේට තේරුනා මොකාක් හරි කුන්ඩවාලයක් තමයි කියලා

taehyung : කියන්න නේද කියුවෙ ජන්ග්කුක්

jungkook: හරි හරි ඉතිම් මේ කියනව තමා හ්ම් මේකයි බේබි හෙට දවල් වෙනකම් මට ගෙදර එන්න වෙන්නෑ ඩේගු යන්න වෙනව,හදිසි මීටින් එකක් වැටිලා

taehyung : තමුන්ට මීට කලින් මෙහෙම මීටින් වැටිල නැනෙ මිස්ට ජොයොන්

jungkook: මේක හදිස්සියෙ වැටුනෙ ඉතිම්..

ටේනම් හැපි එකේ හිටියෙ,දැන් එයාට ක්ලබ් යන්න තිබ්බ එකම බාදකෙත් අයින්වුන නිසා

taehyung : හරි එහෙනම් පරිස්සමෙන් ගිහින් එන්න හබී..

jungkook: මොකක්! මෙච්චර ලේසියෙන් වාහ් ඔය ජියොන් ටේහියුන්ග්ද

වෙනදටනම් ජන්ග්කුක් මේවගේ දෙයක් කියුවම ටේහියුන්ග් ප්‍රශ්න දාහක් විතර අහනව,අද මෙච්චර ලේසියෙන් අවසර දුන්නම ජන්ග්කුක්ට ටිකක් සැක හිතුනත් ආයෙ ඒක අමතක කරල දැම්ම

taehyung : නොප් මේ කිම් ටේහියුන්ග් බ්‍රෝ

jungkook: යැයි යැයි තමා මන් තියනව එහෙනම් පරිස්සමෙන් ඉන්නව හොදද,යූන්ගි හියුනුත් මගේ තනියට යන නිසා ජිමිනව ඔහෙට ගෙනත් දාන්නම් කියුව,දෙන්නත් එක්ක පරිස්සමෙන් ඉන්න හරිද මැනික

ජිමිනුත් එනෝ කියුව ගමන් ටේ හිතෙන් ඩාන්ස් කලේ අද දෙන්නත් එක්කම කිසි බාදාවක් නැතුව ක්ලබ් යන්න චාන්ස් එකක් හම්බෙච්ච වුනානෙ

taehyung : හරි කුකී..

jungkook: කොහෙවත් යන්න එපා හොදද බෙයා,වෙලාවට කාල පරක්කු නොවී නිදාගන්න හ්ම් ලව් යූ

taehyung : හ..හරි හබී ලව් යූ ටූ,ඔයත් පරිස්සමෙන්

ටේගෙ හිතේ කොනක ජන්ග්කුක් එපා කියුව දෙයක් කරන්න යන නිසා පොඩි දුකක් ඇතිවුනා,මොකද ටේ මේ වෙනකම් ජන්ග්කුක් එපා කියුව කිසි දෙයක් කරන්න ගිහින් නෑ,එයා එහෙම කලත් අනිවාරෙන් ඒදේ වැරදුනා මිසක් හරි ගියේ නම් නෑ
ටේහියුන්ග් ඔලුවත් දෙපැත්තට වනල වොශ් රූම් එක ඇතුලට ගියේ ජිමින් එන්න කලින් නාගෙන ලෑස්ති වෙන්න

𝕄𝕐 𝕤𝕨𝕖𝕖𝕥 𝔼ℕ𝔼𝕀𝕄𝔼 (𝓽𝓪𝓮𝓴𝓸𝓸𝓴)✅✅Место, где живут истории. Откройте их для себя