Chap.07

454 129 47
                                    

Moo-yon pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Moo-yon pov-

බත් ටිකෙන් ටික හාවෙක්ගෙ හැඩේ අච්චුවකට දාපු මම හාවා බත් පරිස්සමට කෑම පෙට්ටියේ ඇහිරුවා. ඊළගට සොසේජස් කරල් ටිකත් හාට් හැඩේට කැපුවා. ලස්සන හාටුව එයාට, කැපුන කෑලි ටික මට.

ජන්කුක් එක තත්පරෙන් බොග් ගාලා ගිලලා දාන කෑම එක මම පැයක් විතර ලස්සන කලා හැමදාම

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජන්කුක් එක තත්පරෙන් බොග් ගාලා ගිලලා දාන කෑම එක මම පැයක් විතර ලස්සන කලා හැමදාම. අඩුම තරමෙ මගේ කෑම එකේ සොසේජස් කරල් ටික කෑලි කපලා දානවත් වෙලාවක් තිබ්බෙ නෑ මට. මගේ කෑම එකට ජන්කුක්ගෙ හැඩ කපලා ඉතිරි කෑම කෑලි ටිකයි, තඩි බත් තලියකුයි තමා හැමදාම වැටුනේ. හරියට ඩස්බින් එක වගෙ. ඒකට මොකද මට එයාගෙ කෑම එක ලස්සනට යවන්නෝනෙනේ. එතකොට කැෆටේරියා එකේදි එයාට බැල්ම දාන්න එන ගෑනුපරාන දැනගන්නවනෙ එයා ටේකන් කියලා. ඒ ඇති...

ලස්සන කරපු කෑම පෙට්ටිය දිහා අත් දෙකත් නිකටෙන් තියන් බලන් හිටපු මම තෘප්තිමත් සද්දයක් පිටකලා. ඒක ලස්සනයි. එයා කන්න යද්දි බලබල හිනා වෙනවද දන්නෙත් නෑ. ඔහ්... එකපාරම ගිලලා දාන්නැතුවැති නේද?? මේ බාකෝලි ලස්සනට හැඩ කපන්නම මට පැයක් විතර ගියා.

පරිස්සමට කෑම පෙට්ටිය වහපු මම ඒක සර්වියට් එකෙන් ඔතලා අතට ගත්තෙ මගේ කෑම පෙට්ටිය එහෙම්ම මොකක්ද එක වගේ බෑග්ගෙකට අතාරින ගමන්. කෝ මේ කොල්ලා? අදත් වෙලාවට යන්න අදහසක් නැතුවද කොහෙද!?

Second Chance || JJK (Completed) Where stories live. Discover now