Chap.09

503 123 26
                                    

Moo-yon's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Moo-yon's pov-

"ජන්කු.ක්..?... ඔයා හොදින් නේද?... කතා කරන්නකො. මන් ආය කරදර කරන්නෑ. එක පාරක් විත.රක් ... මොකක්හරි කියන්.නකො"

දැනුන බයටම මට ඇඩෙන්න එනවා. ඇයි ජන්කුක්ට බැරි එකපාරක් හොදින් කියන්න. එයා සද්ද නැතුව ඉන්නකොට මට බය හිතෙනවා කියලා හිතෙන්නැද්ද!? මම මොනාද කරන්නෙ ඔයා ඔහොම වෙනකොට ජන්කුක්?

"ජන්.කුක්... අනේ.. කතාකරන්නකො. මට බය හිතෙනවා"

මම ආයෙමත් උත්සාහ කලා. මට ගොඩාක් නරක දේවල් හිතෙනවා. නෑ! මුකුත් වෙන්නෑ. ජන්කුක් මුකුත් කරගන්නෑ. ජන්කුක් මෝඩයෙක් නෙවෙයි. ඒත් ජන්කුක්ගෙන් සද්දයක් නැත්තෙ කරදරයක් නිසාවත්නම්?

බැරිම තැන විනාඩි කීපයක්ම නියපොතු හපහප හිටපු මම ඇතුළට යන්න තීරණය කලා. ජන්කුක් හොදින්නම් මම ඉක්මනින් එලියට එනවා. එතකොට හරිනෙ. අනික ජන්කුක්ට තරහා ගියත් එයා මට රිද්දන එකක් නෑ. එයා... එයා.?... එයා මාත් එක්ක තරහා ගන්න එකක් නෑ නේද.

"ජන්කුක්... සොරී..."

සමාව ඉල්ලගෙනමයි මම දොරෙන් ඇතුළට එබුනේ. ඒත් ජන්කුක්?

"ජන්කුක්!!?"

මට සද්දෙට ඉකිගැහෙන ගමන් ඇඩෙන එක නවත්තගන්න බැරි උනා. එයාට රිදෙනවා ඇතිනේ. අනේ මම මොකක්ද කරන්නේ!..

"ජ.න්.කුක්.."

මම එයාගෙ දකුණු අත තද කරලා අල්ලගත්තා. එයා හිටියෙ වහපු කොමඩ් එක උඩින් වාඩිවෙලා එයාගෙම වම් අත තීරු තීරු කරන ගමන්. ඒ නිසායි මම එයාගෙ දකුණු අත අල්ලගත්තෙ. ඒත් එයාට ඒකට තරහා ගියා.

මගෙ අත ගසලා දාපු ජන්කුක් ආයෙමත් බ්ලේඩ් එක දැනටමත් ලේ උනන, හීරුන වමත උඩින් තිබ්බා.

Second Chance || JJK (Completed) Where stories live. Discover now