Chap.18

569 121 36
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

ජන්කුක් ගෙදර දොර අරින්නත් කලින්ම එයාගෙ අතේ තිබුන ෆිශ් කේක් දාපු කඩදාසි බෑග් එක උඩින් ලස්සනට චුට්ටක් නවලා ඒකෙ පුංචි පුංචි රැලි දිගෑරියා. දෙන එක ලස්සනට දෙන්න ඕනිනේ. මේක දැක්කම මූයෝන්ගෙ මුණෙ මල් පිපෙන හිනාව බලන්න කොල්ලට ඉවසිල්ලක් නෑ. ජන්කුක් හොදටම දන්නවා කවුරු හරි මූයෝන්ට ෆිශ්කේක්නුයි ජන්කුක්නුයි අතරින් එකක් තෝරගන්න කිව්වොත් එහෙම මොහොතක් යන්නත් කලින් ජන්කුක් දික්කසාද මිනිහෙක් වෙන්න පුලුවන් බව. ඒ තරමට මූයෝන් ෆිශ්කේක් ආදරවන්තියක්.

කොල්ලා පාස්වර්ඩ් එක ගහලා ඇතුළටම ගියෙ හිනාවේගෙන උනත් කෝ බලාපොරොත්තු උන කෙනා? ජන්කුක්ගෙ හිනාව පිරුන තොල් තත්පරෙන් උල් වෙලා ගියා. වෙනදටනම් මූයෝන් කොහෙ හිටියත් පාස්වර්ඩ් එක ගහන සද්දෙ ඇහෙද්දි ඉස්සරහට එනවා ජන්කුක්ව පිලිගන්න.

අද නෑ...

කොල්ලා පොඩි බලාපොරොත්තුවක් එක්ක කුස්සියට එබුනත් එතන හිටියෙත් නෑ. ආයෙමත් කාමරෙත් බැලුවෙ කෙල්ල නිදිදෝ කල්පනා කරන ගමන්. එයා වැඩට ගියෙත් නෑ අසනීප නිසා. නැ!. එයා නෙවෙයි නොගියෙ. ජන්කුක් තමා එයාට යන්න නොදුන්නෙ.

ඒත් එතනත් ජන්කුක් බලාපොරොත්තු උන කෙනා නොහිටිනකොට ජන්කුක් බාගෙට ඇරුන බාත් රූම් එකෙ දොර පැත්තට ගියෙ ෆිශ්කේක් බෑග් එක පැත්තක තියන ගමන්. ටොයිලට් එක ෆ්ලශ් කරන සද්දෙ ඇහෙද්දි කොල්ලගෙ හිතේ නොදැනිම තිබුන බය නැති උනා. ඉන්නවනෙ! ඒකම මදැයි. ජන්කුක් එතනින් ගියා මූයෝන්ට එයාගෙ වැඩේ කරගන්න දීලා.

කොල්ලා ටිකකින් ඇදුම් මාරු කරගෙන ටවල් එක ඉණ වටින් පටලන් එද්දිත් බාතෲම් එකේ දොර ඒ ගානින්ම තිබුනා. ලයිට් ඕෆ් කරලත් නෑ.

Second Chance || JJK (Completed) Where stories live. Discover now