Chap. 08

468 130 34
                                    

Moo-yon's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Moo-yon's pov-

"ජන්කුකා... ගුම්මෝනිම්ම්ම්ම්ම්!! ජන්කුකා... ජන්කුකෝ... නැගිටින්නකො අනේ"

මම තට්ටු කරන කරන ගානට ජන්කුක් තව ටිකක් බ්ලැන්කට් එක ඔතාගත්තා. මේ කම්මැලි කොල්ලා මෙතන! මම මුලු රෑම ඇහැරගෙන ප්ලෑන් ගැහුවා. එයාටනම් මොකද ඉතිම්! එයා හොදට නිදි.

"නැගිටින්නකො අනේ"

"ම්ම්හ්.."

එයාගෙ ඇගට බ්ලැන්කට් එකේ කොනවල් යටවෙලා නිසා මට එලියට අදින්නත් බෑ. යෝදයෙක් වගෙ ඉද්දි ඒක එලියට ඇදෙන්න විදිහක් නෑනේ. නැගිටින්නෙත් නෑ මෙතන. එයා ඕම හිටියම මම ප්ලෑන් කරපු ඩේට් එක චකබලාස්ට්නෙ අප්පා. මේ තරම් කාලයක් එක ගෙදර ඉදලත් එයාට මන් ගැන මුකුත් හිතෙන්නැතුව ඇත්ද? කරන්න දෙයක් නැ මම අද ඒක දැනගන්නවා. මට බෑ ඔයහැටි ඉවසන්න.

හිමිට කොල්ලගෙ කන ලගට ලන් උන මම උගුරත් චුට්ටක් පාදලා උච්චස්වරයෙක් කෑ ගැහුවා.

"නැගිටින්නකෝ!!!"

බය වෙලා ඩුග් ගාලා ඇස් ඇරපු ජන්කුක් මට ඔරෝ ඔරෝ ආයෙමත් බ්ලැන්කට් එක ඔතාගන්නවා. ආය්ශ් මේ මොට්ට කොල්ලානම්!..

"ආය එපා! නැගිටින්නකො. අනේ නැගිටින්න. ආය නිදාගන්නෙපා.... නැගිටින්නකො"

"නිදාගන්න දෙනවකෝ! අද ඉරිදා නිවාඩු දවස මනුස්සයො!"

එයාගෙ නිදිමත කටහඩත් සෙස්සී... උග්හ්!

"නැගිටින්නකෝ අනේ.... ම්ම්ම්..?"

මම පුංචි එකෙක් වගෙ කට උල් කරගෙන ආයෙමත් ඉල්ලීම් කලා. ඇත්තමයි ඔයා මගෙ ක්‍රශ් එක නොවුනානම් දනී මම කරන දේ මොට්ට කෙහෙල් කුක්කා. එහෙමනම් ඔලුවට තාච්චියෙන් ගහලා වතුර බකට් එකකුත් හලනො නාලාම නැගිටින්න. ඒත් ඉතින් දැන් එහෙම කරන්න හිත දෙන්නෑනේ මට . අපරාදි!.

Second Chance || JJK (Completed) Where stories live. Discover now