Chap.10

514 138 41
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

"ජන්කුක්... "

"ජන්කුක්"

"ජන්කූඌඌඌක්"

දවසම මූයෝන්ගෙ කටේ තිබුනෙ ජන්කුක්ගෙ නම. කෙල්ල පුරුදු උනා හොද පුරුද්දක්. බෝය්ෆ්‍රෙන්ඩ් උනාම තිබුනනෙ සමහර යුතුකම්. ඉතින් මූයෝන් ජන්කුක්ට යුතුකම් ඉෂ්ඨ කරන්න උදව් දුන්නා.

"ජන්කුක්..."

බාතෲම් එකට මූයෝන් එබෙනකොට දත් මැද මැද හිටපු ජන්කුක්ටත් කට කොනේ හිනාවක් ගියා. මොකද කොල්ලා දන්නවා ඊළගට සිද්ධ වෙන දේ. කෙල්ල හුරතල් හිනාවක් එක්කමයි ජන්කුක්ගෙ ඉස්සරහට ආවෙ.

"ජන්කූඌඌඌක්  එකාක්"

කෙල්ල එයාගෙ තොල් වලට ඇගිල්ලෙන් පුංචි තට්ටුවක් දැම්මා. සමහර වෙලාවල්වලදි කොල්ලා ඒ හැටි කැමති නෑ මූයෝන්ගෙ මේ ඕනවට වඩා වැඩි ආදරණීය හැසිරීම් වලට. එයාට යොන්හිව මතක් වෙන සමහර වෙලාවල්වලදි මූයෝන්ට ලන්වෙන්න  අකමැති උනා. එයා ඒක හිතලා කලේ නෑ. ඒත් ඉදලා හිටලා එහෙම උනා.

ඒත් කොල්ලා උත්සහා කලා ඒක ගනන් නොගෙන ඉන්න.  ඒක මූයෝන්ගෙ අයිතිය. කොහොමත් ජන්කුක් එයාගෙ බෝයිෆ්‍රෙන්ඩ්නෙ. කොල්ලා කොහොමද මූයෝන්ට වැරදි කියන්නෙ? ඉතින් ජන්කුක් උත්සාහ කලා මූයෝන්ගෙ ආදරණිය කොල්ලා වෙන්නත්.

ජන්කුක් එයාගෙ කටේ තිබුන ටූත්පේස්ට් කෙල ටික සින්ක් එකට හැලුවා. කොල්ලා දන්නවා දැන් හාදුව නොදීනම් එයාට බේරිමක් නෑ කියන එක. කට සෝදන්න වතුර වීදුරුව කට ලගට ලන් කලත් මූයෝන් ඉක්මනින් ජන්කුක්ගෙ අතින් අල්ලගත්තා.

"ඔහොම දෙන්න"

"පිස්සුද ටූත්පේස්ට්"

"කමන්නෑඈඈ"

Second Chance || JJK (Completed) Where stories live. Discover now