Chap.14

543 127 68
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

තට්ටු නිවාස සංකීර්ණය ඉස්සරහා නැවතුන කලු පාට ටැක්සි කාර් එකෙන් ඉස්සෙල්ලම එලියට බැස්සෙ මූයෝන්. කෙල්ල එයාගෙ චූටි හෑන්ඩ් බෑග්ගෙක එක උරහිසක රදවගන්න ගමන් ක්ශනිකවම මූණට වැටෙන කොණ්ඩෙත් කන පිටිපස්සට කරලා වාහනේ ඇතුළට අත දික් කලා. 

"කෝ මාව අල්ලගෙන බහින්න"

"දැන් අමාරු නෑ අනේ. එහාට වෙන්නකො. මට තනියම බහින්න පුලුවන්"

"හප්! කටවහගෙන මාව අල්ලගන්නකො. තුවාලේ පෑරුනොත් එහෙම ආයෙම ගිහින් අතෑරලා එනවා මං. බැරියැ අර දුස්ට නර්ස් එක්ක පෙම් කෙලින්න"

මූයෝන් බෝල කණ්නාඩියට චුට්ටක් වැහුන ඇහිබැමි දෙකත් ලන් කරන් සද්දෙ දානකොට ජන්කුක් ඉක්මනට කෙල්ලගෙ අත අල්ලගත්තා. කොල්ලා දැන් අත්දැකීමෙන්ම දන්නවා නැත්තම් නර්ස් ගැන කියලා පටන් ගත්ත මූයෝන්ගෙ කතාව ඉවර වෙන්නෙ කොහෙන්ද කියලා.

ජන්කුක් මොනවා කරන්නද? ඒ නර්ස් ජන්කුක්ට වැරැද්දක් කලෙත් නැ. මනුස්සකමට හිනා උනෙත්. ඒත් එයා පලවෙනි දවසෙ මූයෝන්ට ජන්කුක්ව බලන්න දුන්නෙ නෑලුනෙ. ඉතින් ජන්කුක් හිනා නොවී ඉද්දි නර්ස් නෝනා ජන්කුක්ට හිනා උනත් මූයෝන් කට ගෙවෙනකම් දෙන්නටම බැන්නා. නර්ස්ටයි කොහෙවත් හිටපු ජන්කුක්ටයි දෙන්නටම!.

කොල්ලට කෙලින් හිටගන්න පුලුවන් උනත් මූයෝන් එයාගෙ බඩ වටින් අත දාන් තදට අල්ලන් හිටපු නිසා කොල්ලත් මූයෝන්ගෙ උරහිසෙන් අත දාගත්තා. ඒ උනාට එයාට මූයෝන්ගෙ වාරුවක් ඕනි උනේ නෑ. තුවාලෙ හොදටම හොද නැති උනාට ජන්කුක්ට ඇවිදින්න පුලුවන්.

"අජුස්සි... ගාන?"

"වොන් දහාටදාස් දෙසිය අසූවයි"

Second Chance || JJK (Completed) Where stories live. Discover now