Chap.03

495 131 76
                                    

Jungkook's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Jungkook's pov-

"හේයි... ඕයි! නැගිටිනවා. පොල් ඔලුවා. ඒයි... "

අර මෝඩ කෙල්ල මාව හොල්ලන්නෙ හරියට බූමිකම්පාවක් වගෙ. ඒත් මම බ්ලැන්කට් එක අස්සෙන්ම ඔලුව හංගගෙන නිදි වගේ හිටියා. මොන මගුලක්ද!? මේ චුට්ටන් සෝෆා එකේ එකම විදියට ඉදලා ඇගත් රිදෙනවා. හරියට නිදාගන්නත් නෑ. මේ යස්සනී උදේ පාන්දරම ඇවිල්ලා ඇහැරවනවත් එක්ක.

යසයි ජන්කුක්! උබ මැරෙන්න ගියානම් මැරෙන්න දැනගන්න ඕනි. කොහෙවත් යන එකෙක්ගෙන් ගුටිත් කාලා, තව මදිවට නොදන්න එකෙක්ගෙ ගේ අස්සට වෙලා ඉන්නවට යස වැඩේ තමුසෙට.

"ඕයි!! නැගිටිනවකො අප්ප! මොන නිදිකුම්බරයෙක්ද මන්දන්නෑ මාත් උස්සගෙන ආවෙ!"

ඒ පාර එයා අත දිගෑරලා ගහන්න ගත්ත නිසා තවත්නම් මටත් ඉවසන්න පුලුවන් උනේ නෑ. ආව්ව්! රිදෙනවනෙ!. මැරිලා හිටියත් නැගිටි මේ යස්සනී තඩිබාන විදිහට.

"එපා.. එපා.. ආයී. රිදෙනවා"

"ඉතින් රිදෙනවානම් නැගිටිනවකො. මොකො රිදෙන්න නෙවෙයිනම් ගහන්නෑනේ අතාගානවනෙ!"

අතගාගන්නවා තමුසෙගෙ පස්ස!!... මොලේ තියනවද බලන්න!.

බැරිම තැන මම බ්ලැන්කට් එකත් පහලට කරගෙන සෝෆා එකේ ඉදගත්තා. ඒ කෙල්ල මගෙ දිහා බලාගෙන ඉදලා ඔලුවත් ඇද කරගෙන අමුතු මූණක් දැම්මා.

"ඔයා ඔහොම නිදාගත්තෙ මාව අල්ලගන්නද? වැඩක් නෑ ඔක්කොම හයේ පැක් එකයි අටේ පැක් එකයි බඩගෙඩියයි කොහෙන් ගත්තත් කිලෝ එක මස් පැට්ටරියයී.... ඒ ඔක්කොම සෙස්සි කෑලි වල ගැම්ම චුත වෙනවා හලො ඔයාගෙ කැත පොල් මූණ දැක්කම."

කණ්නාඩිය නහයෙ කොන රදවගෙන ඒ උඩින් බලන ගමන් කියපු කතාව තේරුම් ගන්න මට පොඩි වෙලාවක් ගියා. ආහ් මම කෝට් එකයි, ටයි එකයි වගේම ශර්ට් එකත් ගලවලා නිදාගත්තේ. වෙන මගුලකට නෙවෙයි එකම ඇදුම ඇදගෙන ඉදලා ඒක කිලිටි වෙලා හින්ද. ඒ ඇදුම් දාඩිය ගදයි ඇදගෙන ඉදලම. මේ කෙල්ල මොන විකාරයක්ද කියන්නෙ!?

Second Chance || JJK (Completed) Where stories live. Discover now