Chap.13

606 129 77
                                    

Author's pov-

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Author's pov-

මිනිස්සු ඇගේ හැපි හැපි විසි උනත් මූයෝන්ට ගානක්වත් තිබුනෙ නෑ. කෙල්ල හොස්පිට්ල් එකේ කොරිඩෝ වල වේගෙන් වේගෙන් දිව්වා.

සාමාන්‍ය විදිහටම ගෙදරට වෙලා ජන්කුක්ට රෑ කෑම ලෑස්ති කරපු මූයෝන් අවේලාවෙ ජන්කුක්ගෙන් කෝල් එකක් එද්දි ගොඩක් සතුටු උනා උනත් ඒ ආවෙ මූයෝන්ට සතුටින් භාරගන්න පුලුවන් විදිහෙ ආරංචියක්නම් නෙවෙයි.

කෝල් එකට ආන්ස්වර් කරපු තත්පරේ ඉදල මේ වෙනකම්ම කෙල්ල හිටියෙ අවසිහියෙන්. එයාට ගානක් උනේ නෑ එයා පිජාමා සූට් එකට උඩින් ගවුමක් ඇදගෙන පාරෙ ඇවිදින බවක්.
එයාට දැනුනෙම නෑ එයා එක කකුලකට විතරක් හීල් එකක් දාගෙන අනිත් කකුල නොන්ඩි ගගහා යන බවත්.දණිහෙන් අඟල් කීපයක් පහලට තිබුන ගවුම යටින් කෙල්ලගෙ පිජාමා සූට් එකත් පෙනුනා.

"හතිසිය අට... හත්සිය අට!! ආශ් .. කොහෙද?.. හත බිංදුව.. ආහ් මේක!"

කලබලේට දොර ඇරගෙන හොස්පිට්ල් රූම් එකට යන්න ගියත් ඇතුලට අඩි දෙකයි තියන්න ලැබුනෙ නර්ස් කෙනෙක් කෙල්ලගෙ මග හරස් කලා.

"තව පැය බාගයක් තියනවා. දැන් ලෙඩ්ඩු බලන්න බැ."

"මොකක්! නැ.. අහන්නකො.. මම මේ."

මූයෝන් මොනා කියන්න හැදුවත් එයාට අවස්ථාවක් ලැබුනෙ නෑ. කෙල්ලව ආයෙමත් හොස්පිට්ල් රූම් එකෙන් එලියට දැම්මා. එයා කොච්චර බෙල්ල දික් කලා උනත් එයාට ජන්කුක්ගෙ ඡායාවක්වත් හරිහැටි දකින්න ලැබුනෙත් නෑ.

හොදින් ඉන්නවනම්... මූයෝන්ට කතා කලේ නැතත් කමක් නෑ. ඒත් ඉතින් කොහෙ දැනගන්නද නපුරු නර්ස් එයාව එලියට දැම්මනේ.

දොර ගාවින් යන්න තිබුන අකමැත්තටම මූයෝන් දොර හරස් කරගෙන හිටගත්තා. දොර මැද තිබුන බෝල වීදුරු ජනේලෙන්වත් කෙල්ලට ජන්කුක්ව පෙනුනෙ නෑ. මූයෝන් වදුරු පැටියෙක් වගේ අත් දෙකත් එක්කම මූණත් වීදුරුවට තද කරගෙන ඇතුළ බලන්න උත්සාහ කලා. ඇද පෙනුනත් ජන්කුක්ගෙ මුළු ඇගම සුදු බ්ලැන්කට් එකකින් වහලා. මූයෝන්ගෙම වෙලාවටද මන්දා ජන්කුක්ගෙ මූණ හරියත් කෙල්ලව එලියට ඇදලා දාපු බතල නර්ස් නෝනගෙ ඇගට වැහිලා. මූයෝන්ට ජන්කුක්ගෙ කියලා පෙනුනෙ කැනියුලා එක ගහපු අතේ මැණික් කටුව හරියම විතරයි.

Second Chance || JJK (Completed) Where stories live. Discover now