❤️ අටවන දිගහැරීම 💚

Start from the beginning
                                    

තිදෙනාම පන්තියට පැමින මද වේලාවකින් පලමු කාච්චේදය ආරම්භවූ අතර ඉන් පසු දෙවන කාලච්චේදය ආරම්බවිය.. ඒ ගනිතය සදහා වෙන්වූ කාලච්චේදය වූ අතර ... ඒ සදහා පෙර දී ගනිතය ඉගැන්වූ ගුරුතුමිය සමග නව ගනිත ගුරුතුමිය වන ශියාඕ මහත්මිය පැමිනියාය...

ලමුන් ඒ දෙදෙනාටම ආචාර කල අතර ඉන්පසු හිටපු ගණිත ගුරුතුමිය කතා කිරීමට පටන්ගත්තාය..

හොදයි ලමයි.. හැමෝම වාඩි වෙන්නකෝ.. මේ ඉන්නෙ අද ඉදන් ඔයාලට මැත්ස් උගන්නන ටීචර්... මිසිස් ශියාඕ .. ඉතින් මම හිතනව ඔයාල මට දුන්නා වගේම සහයෝගයක් මේ මිස්ටත් දෙයි කියල .. එහෙනම් හැමෝටම ගුඩ් ලක් .. එසේ පවසා එම ගුරුතුමිය පිටවී ගිය අතර ශියාඕ මහත්මිය සියලුදෙනාගේම මුහුනු දෙස බලා හිනහවකින් සංග්‍රහ කලාය..

හරි ලමයි ඔන්න මම තමයි අද ඉදන් ඔයාලගෙ මැත්ස් ටීචර් ඒවගේම මගෙ නම් ශියාඕ ලීසා ඔයාලා මට ඒ නම් දෙකෙන් කැමති විදිහකට කතා කරන්න.. 
ම්ම්ම්ම්ම්.. හරි එහෙනම් මම ඔයාලට මං ගැන කිව්ව නෙහ් දැන් ඔයාලා මට ඔයාගැන කියන්න... ඒවගේම කොලේක මට ඔයාලගෙ නමයි ගිය පාර ටෙස්ට් එකේ මැත්ස් ලකුණුයිත් ලියලා දෙන්න.. මොකද මට ඔයාලා ගැන අදහසක් අර ගන්න ඕනෙ.. හරි එහෙනම් පිටිපස්සෙ කෙලවරෙන් පටන් ගන්නකෝ... නැගිටලා ඔයාගෙ නම ,එතකොට ඔයාගෙ අනාගත් බලාපොරොත්තුව මට කියන්න...

මිස් මගෙ නම ජින් යාඕ.. මගේ අනාගත බලාපොරොත්තුව .......

ම්ම්ම් මොකද්ද බලාපොරොත්තුව ඔයාගෙ...

.....

ඇයි ... එහෙම එකක් නැද්ද.... ම්ම්ම්ම් ...

මිස්....

ඇත්තටම පුතේ ඔයාට එහෙම බලාපොරොත්තුවක් නැද්ද.... නැත්තම් තියනව ඒක කියන්න බැරිද..

එහෙම එකක් නෑ...

අයියෝ අයියෝ .. තව අවුරුද්දක් දෙකක් ඇතුලත ඉස්කෝලෙන් අවුට් වෙන්න ඉන්න ඔයාලා හැමෝටම අනාගතේදී මම මෙන්න මේ දේ කරනව කියල බලාපොරොත්තුවක් තියෙන්න ඕනෙ... අනික ඔයාලගෙන් ඔය ප්‍රශ්නෙ මම මීට අවුරුදු හත දහයකට විතර උඩදි ඇහුව නම් ... ඔයාලා කෑ ගහලා කියයි මට ඩොක්ටර් කෙනෙක් වෙන්න ඕනෙ ,මට ටීචර් කෙනෙක් වෙන්න ඕනෙ මට බිස්නස් මන් කෙනෙක් වෙන්න ඕනෙ, මට ලොකු කඩයක් දාන්න ඕනෙ මට ලොකු ෆාම් එකක් කරන්න ඕනෙ මට හොද වාහනයක් ගන්න ඕනෙ කියල .. කෝදැන් එතකොට එහෙම බලා පොරොත්තුවක් නැද්ද... ආ... හරි කමක් නෑ ඔයා වාඩි වෙන්නකෝ මට හිතලා කියන්න පස්සෙ ඔයාගෙ අනාගත් බලාපොරොත්තුව මොකද්ද කියලා... ඊලග කෙනා කියන්නකෝ...

මම ශූයැන්ග් .. මගෙ බලාපොරොත්තුව අනාගතේ සල්ලි ගොඩක් හම්බ කරන එක ...

අහ්... ශූයැන්ග් ඔයා කොහොමද සල්ලි ගොඩක් හොයන්න හිතාගෙන ඉන්නෙ...

මැඩම් ඒක ඒ වෙලාව අනුව තමා තීරණය වෙන්නෙ..

ම්ම්ම්.. හොදයි ....

එලෙස කීපදෙනෙක් තම නම හා බලාපොරොත්තුව පවසා අවසන් වන විට යීබෝගේ අවස්තාව උදාවිය...

" මගෙ නම වැන්ග් යීබෝ... මට ඕනෙ මගෙ අම්මා සතුටු වෙන විදිහෙ කෙනෙක් වෙන්න.. "

යීබෝ සුපුරුදු විදිහටම එයාගෙ පොතේ ලොකුවට ලියලා පෙන්නද්ද ශියාඕ මහත්මිය ටිකක් වෙලා යීබෝගෙ පොත දිහා බලාගෙන හිටියා..

එතකොට පන්තියේ ඉස්සරහම පෝලිමේ හිටිය ලියින්ග් ," මැඩම් එයා ගොලුයි ඒකයි ඔය " යැයි පැවසුවේ ශියාඕ මහත්මියව මදක් කේන්ති ගස්සවමින් .. තරහ ගියත් ඇය ලියින්ග් ට කිසිවක් නොකීවාය.. ඒ වෙනුවට යීබෝට හොදයි පුතේ කියා වාඩිවන්නටයැයි අතින් සන් කලාය. ඉන් පසු ඉතිරි ලමුන්ගෙනුත් විස්තර අසා හෙට දින සිට ඉගැන්වීම් පටන් ගන්නා බව පවසමින් කාලච්චේදය අවසානයේ පිටවී ගියාය..

****************************************

ඔන්න දුන්නෝ.....

කතාව බෝරින් වගේද... තාම මුල හින්දා යීබෝ ශාන් විතරක් නැතුව ඉතුරු අය ගැනත් කියන්නෙ ඔයාලට අදහසක් ගන්න පුළුවන් වෙන්න එක එක චරිතෙ ගැන.. ඉක්මනට කතාව නියම ට්‍රැක් එකට අර ගන්නම් ඈ... 😁

ඔයාලට කතාව ගැන ප්‍රශ්න තියනව නම් අහන්න මම පුළුවන් වෙලාවට ඒවට උත්තට දෙන්නම්ම්....

ආයෙ හෙට රෑට......

මම
අක්ෂි
❤️💚





🏡The Abode of Destiny  🏡❤ zhanyi ff 💚( ongoing )Where stories live. Discover now